Latest Articles
Search

ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගත් හැටි

364

රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළකට දමා සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර ඉදිරියේ ගොඩ ගනු ලැබුවා.

Advertisement

මෙසේ ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබුණේ ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවක්.

Advertisement

සිරුර ගෙඩ ගැනිමට පැය 5 ක පමණ කාලයක් ගතවු අතර මේ සදහා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා සේවකමහතුන්, රිදීමාලියද්ද පොලිසිය , බදුල්ල සෝකෝ අංශයේ නිළධාරින් ඇතුළු මහියගණ විශෙෂඥ අධිකරණ වෛද්‍ය තරංග නායකරත්න යන අයද සභාගි වුනා.

Advertisement

මෘත දේහය කොළ පැහැති පැදුරක ඔතා හිස කොටස රෙදි කැබැල්ලකින් ඔතා ඊට උඩින් වයර් ඒකකින් ගැට ගසා තිබු අතර දෙහෙයේ අස්ති කොටස් පමණක් ඉතිරිව තිබු අතර දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මාත ශාරිරාගාරයට යැවිමට සදහා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර විසින් නියෝග කළා.

Advertisement

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවක් 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අළුතින් කැපු වැසිකිලි වලකට දමා සැගවු බවට සැක පිට 72 හැවිරිදි පියා සහ 26 හැවිරිදි පුතා ඉකුත් (29) අත්අඩංගුවට ගත් අතර ඔවුන් සිදුකර පාපොච්චාරණයට අනුව ඊයේ දහවල් මෙම සැකරරුවන් ඒම ස්ථානයට කැදවාගෙනවිත් ඔවුන් පෙන්වු ස්ථානය හරා බැලිමේදි මෙම මෘත දේහය සොයාගැනිමට හැකි වුනා.

Advertisement

 

Advertisement

පුද්ගලයකු සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනුභව කරනවලු

ලෝකයේ පුද්ගලයකු මේ වන විට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙළිව තිබෙනවා.

Advertisement

මේ නිසා ශ්‍රී ලංකාවත් දැඩි විමසිල්ලෙන් සිටිමින් අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බව පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර පවසනවා.

Advertisement

ප්ලාස්ටික් යනු අපගේ නූතන ආහාර සංස්කෘතිය සමග බද්ධ වී පවතින්නකි.නමුත් මෙහි ඇති භයානක කම වන්නේ , ප්ලාස්ටික් නිසා අතිවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපගේ ශරීර ගතවීම බවද රොෂාන් බණ්ඩාර පෙන්වා දෙනවා.

Advertisement

මෑතකදි කරනලද පරියේශණ වලට අනුව ඇස්තමේන්තු කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් අනුභව කරන බවයි” තවත් අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ විවිධ ආහාර ප්‍රභවයන්ගෙන් වාර්ෂිකව ප්ලාස්ටික් අංශු 52,000ක් දක්වා ප්‍රමාණයක් ආහාර ඔස්සේ මනුෂ්‍ය ශරීරයට අතුල් වෙන බවයි.

Advertisement

ගෝලීය වශයෙන් මෙම දත්ත පෙන්නුම් කරන අතරතුර රටක් වශයෙන් මෙම අනතුර සම්බන්ධව විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෝෂණවේදී රොෂාන් බණ්ඩාර අවධාරණය කළා.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *