Latest Articles
Search

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

554

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

Advertisement

අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය.

Advertisement

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Advertisement

අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

Advertisement

සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතළ නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Advertisement

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Advertisement

පොලිස්පතිට නොතීසි

පසුගිය වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.

Advertisement

මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින්ම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

Advertisement

අරගල ක්‍රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Advertisement

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වන දා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවය.

Advertisement

මෙම සිද්ධීන් පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටී.

Advertisement

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ දී පොලිස්පතිවරයා ඇතුළු මෙම සිද්ධියට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් වන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් අයැද සිටී.

Advertisement

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයා ඇතුළු ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුර අයැද තිබේ.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *