Latest Articles
Search

ගයාන් සහ පුජනී පෙම්වතුන් ද ? මෙන්න පුජනී හෙලිකල රහස

327

2017 වසරේ හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් ප්‍රේක්ෂකයන් අතරට ගිය ඇය පූජනී භාග්‍යාපුංචි තිරයෙන් ප්‍රේක්ෂකාගාරයට සමීප වුණු අලුත් පරපුරේ රංගන ශිල්පිනියකිහුස්මක් තරමට, අපි අපේ, අසංවර වැස්සක්, වැනි නිර්මාණ හරහා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ පූජනී කාලෙකට පස්සේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන මැස්සා ටෙලි නිර්මාණයෙන් මුණ ගැහෙනවාමේ සඳැල්ල අපි ඇය සමඟ කළ කතාබහකි.

Advertisement

සුපුරුදු ප්‍රශ්නයෙන්ම කතාබහ පටන් ගමුඉතින් මොනවද අලුත් තොරතුරු?

Advertisement

මේ දවස්වල මම දායක වන අලුත්ම ටෙලි නිර්මාණය තමයි ඉන්දික ධර්මතිලක මහතා අධ්‍යක්ෂණය කරන ‘මැස්සා‘ ටෙලි නාට්‍යය. එය ස්වර්ණවාහිනියේ සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රී 8.30 විකාශනය වෙනවා. ඊට අමතරව තව අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ටෙලි නාට්‍යයට මේ දිනවල සූදානම් වෙමින් ඉන්නවා. ලබන මාසේ මුල එහි රූපගත කිරීම් ආරම්භ වීමට නියමිතව තියෙනවා. තවත් අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් මම ඉස්සර වගේ දැන් එක දිගට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා භාරගත්ත ටෙලි දෙකේ වැඩ කරගෙන යනවා.

Advertisement

පූජනී පසුගිය කාලේ කලාවෙන් ඈත් වෙලා හිටියේ ඇයි ?

Advertisement

පහුගිය කාලය පුරාම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය හැම නාලිකාවකම වගේ විකාශය වුණා. නිදහසක් තිබුණේම නැහැ. ඒ ටෙලි නිර්මාණවල රූපගත කිරීම් ඉවර වුණු ගමන් පොඩි විවේකයක් ගත්තා. මාස 8-9 ක්ම මම කිසිම නිර්මාණයක් භාර ගත්තෙ නැහැ. විවේකය තිබුණේ ටෙලි නාට්‍යවලට විතරයි. නිවේදන වැඩයි ෆොටෝ ෂූට් වලටයි සහභාගී වුණා.

Advertisement

ඒකාකාරී චරිත වලින්ම දැකපු පූජනීව මැස්සා ටෙලි නාට්‍යයේ සඳමාලී වෙනස් මුහුණූවරකින් ගෙනැල්ලා තියෙනවා?

Advertisement

ඇත්තටම ඔව්. මට හැමදාම ලැබුණේ ඒකකාරි චරිතමයි. ගොඩක් චරිත ගැමි චරිත. බාහිර පෙනුමෙන් පවා මට වෙනස් වෙන්න වුවමනාවක් තිබුණා. මැස්සා ටෙලි නාට්‍යයේ පිංකි නැත්නම් සඳමාලි කියන චරිතය මාව වෙනස් විදිහට ප්‍රේක්ෂකයා අතරට ගෙනිච්චා කියලා හිතනවා.

Advertisement

මම පසුගිය විවේක කාලේ මගේ දිග කොණ්ඩේ කපලා කලර් එකක් දාලා ඒකාකාරී චරිත වලින් මිදෙන්නට බාහිර පෙනුමෙන් ටිකක් වෙනස් වුණා. මගේ ඒ පෙනුමත් එක්ක ලැබුණු පළමු චරිතය තමයි පිංකි. පිංකි කියන්නේ රංගන ජීවිතේ තුළ ලැබුණු වෙනස්ම චරිතයක්.

Advertisement

‘‘පිංකිව’’ කොහොම ද පූජනීව දැනුණේ?

Advertisement

පිංකිව නම් දෙකකින් හඳුන්වනවා. පිංකිව රැකියාව කරන තැන අය හඳුන්වන්නේ සඳමාලි කියලා. ඇය ජීවත් වෙන වතු පරිසරය ඇතුලේ අය කතාකරන්නේ පිංකි කියලා. පිංකි කියන්නේ කොළඹ වතු පරිසරයක ජීවත් වෙන ටිකක් සැර, නපුරු කටසැර තරුණියක්. ඇගේ ඒ කටසැර නපුරු ගති ටික එළියට එන්නේ අසාධාරණයක් ඉදිරියේදී විතරයි. හීන මැරුන තරුණ ජීවිත අතර ඉන්න තවත් තරුණියක් තමයි පිංකි. සේවය කරන තැන ප්‍රධානියාගේ අයුතු යෝජනා හරහා එන පීඩනයන් එක්ක තරුණියකගේ ජීවිතය අත්විදින්න සිදුවන බොහෝ දේවල් කතා කෙරෙන චරිතයක් සහ කතාවක් මේක. ඇත්තටම හරිම ලස්සන පිටපතක්. මම දකින පිංකි ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න තමන්ගේ ආත්මය කවදාවත් පවානොදෙන කෙල්ලෙක්.

Advertisement

පූජනීගේ ජීවිතේ ඇතුලෙන් පිංකි චරිතයේ සමහර දේවල් ගැබ්වෙලා තියෙනවද?

Advertisement

ඔව්, පිංකි කියන චරිතයේ සමහර දේවල්වල මටත් සමානකමක් තියෙනවා. මමත් කවදාවත් මගේ ආත්මය පාවා දෙන කෙනෙක් නෙමෙයි. කලාව ඇතුළේ ගත්තත් කෙනෙකුට ඇවිල්ලා සතියෙන් දෙකෙන් ජනප්‍රිය වෙන්න ඕන තරම් කෙටි මාර්ග තියෙනවා. ඒ කෙටි පාරවල් වලින් ගිය අය ටික කාලයකින් ආයෙම හිටපු තැනටම වැටිලා තියෙනවා මම දැකලා තියෙනවා. මට කවදාවත් කෙටි පාරවල් වලින් ගිහින් ජනප්‍රිය වීමේ වුවමනාව තිබුණේ නැහැ. මම රඟනොපෑවත් කෙටි පාරවල් වලින් නම් ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මගේ දක්ෂතාවයක් එක්ක මගේ ගමන යන්න පුළුවන්.

Advertisement

කොහොම ද මේ දවස්වල නිවේදන කටයුතු?

Advertisement

නිවේදන කටයුතු මම හරිම ආසාවෙන් කරන දෙයක්. මේ දවස්වල සිරස නාලිකාවේ සෙනසුරාදා සවස 3.30 ට ‘‘ලවර්ස් ලේන්’’ කියලා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ආදරය ගැන තමයි ඒ වැඩසටහනේ දී කතා කරන්නේ ඇත්තටම ටෙලි නාට්‍ය රංගනයටත් වඩා මගේ වැඩි කැමැත්ත තියෙන්නේ නිවේදනයට.

Advertisement

හැමදාම අනුන්ගේ ආදර කතා අහනවා පූජනීගේ ආදර කතාව කියන්නේ කවදා ද?

Advertisement

මටත් ආදර කතාවක් තියෙනවා. ඒ කතාව නම් ගොඩක් දෙනෙක් අහනවා. ඒත් ඒ ආදර කතාව කියන්නේ මම විවාහ වුණු දවසට විශේෂයෙන් විවාහ වෙනවා කියලා සියලු දේ සැලසුම් වුණාට පස්සේ තමයි මගේ ආදර කතාව කියන්නේ… ලබන වසරේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Advertisement

ඒක පූජනී ගයාන් ආදර කතාව වේවිද?

Advertisement

ඇත්තටම ගයාන් මට මුණ ගැහෙන්නේ 2019 හිරු නාලිකාවේ විකාශනය වුණු හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ දී. ටිකෙන් ටික අපි දෙන්නා හොඳම යාළුවෝ වුණා. ඊට පස්සේ අපි දෙන්නා එක දිගට ෆොටෝ ෂූට් කිහිපයක්ම කළා. ඒ හරහා අපි දෙන්න විවාහ වෙලා කියලා සමාජ මාධ්‍යවල හරියට ගොසිප් ප්‍රචාරය වුණා. ගයානුයි මමයි පෙම්වතුන් ද අපි විවාහ වෙනවද කියන දේට මම මේ වෙලාවේ උත්තර දිය යුතු නැහැ. අනාගතේ දවසක මේක ආදරයක්ද?, යාළුමක්ද කියන දේ මම කියනවා. මම සහ ගයාන් ගැන කතා කරන්න හොඳම වෙලාව දැන් නෙමෙයි. මට මේ ක්ෂේත්‍රයේ මුණ ගැහුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන.

Advertisement

Advertisement

ඔබේ සැමියා විදිහට ගයාන්ව තෝරගන්න සුදුසුකම් තියෙනව ද?

Advertisement

අපෝ ඔව් සුදුසුකම් ඕනෑවටත් වඩා සපුරලා තියෙනවා. අපි දෙන්නාගේ අදහස් ගොඩක් සමානයි. හිතන පතන විදිහ එක වගේ ඇත්තටම අපි දෙන්නාට පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

Advertisement

සිනමාවෙන් අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

Advertisement

මගේ එකම හීනය වුණේ සිනමා නිලියක් වෙන එක. මගේ උස පෙනුම එක්ක මට අවස්ථාවක් ලැබේවි කියලා හිතුවත් මට අවශ්‍ය කාලෙදි ඒ අවස්ථාවන් ලැබුණේ නැහැ. මෑත කාලයේ අවස්ථා කීපයක් ලැබුණා. ඒත් මට ගැලපෙන්නේ නැති චරිත කීපයක් නිසා ප්‍රතික්ෂේප කරන්න වුණා. මොකද මම රංගන කටයුතු කරන්නේ සීමාවන් ටිකක් ඇතුළේ ඉඳගෙන ලංකාව වගේ රටක සීමාවන් නැතුව වැඩ කරන්න අමාරුයි.

Advertisement

නදීශා අතුකෝරළ

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *