Latest Articles
Search

මම බඳින කෙනා ළඟට නිකන් ගියේ නෑ.පෝස්ට් හදන්න කලින් ඕවා හිතලා බලන්න -සංජානා ට තරහා ගිහින්ද?

129

සංජානා ගමාරාච්චි එහෙම නැත්තම් “දිවිතුරා” හි ටීනා කිව්වම ඇයව දැන් කවුරුත් දැන අඳුනනවා. බොහෝම ටික කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු මේ හුරුබුහුටි කෙල්ල දැන් ටෙලි තිරයේ නිතරම දකින්න පේන්න ඉන්න කෙනෙක්. පසුගිය දවසක ඇය රිදී තිරයට ආ නවතම සිනමා පටයක් නරඹන්න ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වන්න එක් වුණු ඇය, ඇගේ විවාහය සහ ඇය ගැන සමාජ මාධ්‍යවල පළ වන කතාවලට මේ විදිහට උත්තර දුන්නා.

Advertisement

“සාමාන්‍යයෙන් පවුලක් පෝෂණය කරන්න පුළුවන් මනුස්සයෙක් කසාද බැඳගත්තොත් හදිසියේ අනාගතේ දවසක හස්බන්ට හරි මට හරි මොකක් හරි ලෙඩක් හැදුණොත් ඔය මට පෝස්ට් හදන අයවත්, කමෙන්ට් කරන අයවත් එන්නෙ නෑ අපිට සල්ලි දීලා ඔයා මේ ඉන්ජක්ෂන් එක ගන්න, මේ බෙහෙත් ටික ගන්න කියන්න. ඒක හින්දා මම කියන්නෙ අපි කෙනෙක් හොයා ගනිද්දි බොරුවට දුක් විඳින්න කෙනෙක් හොයාගන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳම.. මට පෝස්ට් හදන අයගෙන් මම අහන්න කැමතියි ඔයාලා මොනාද මං ගැන දන්නේ කියලා. මටම කියලා කාර් එකක්, මටම කියලා ගෙයක්, මටම කියලා ඉඩම් කඩම් තියෙනවා නම්, මගේ පොතේ සල්ලි තියෙනවා නම් මම කොහොමද බඳින කෙනා ළඟට නිකන් ගියේ. පෝස්ට් හදන්න කලින් ඕවා ගැනත් හිතලා බලන්න..”

Advertisement

Source: saaravita

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *