Search

වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට

129

අනුරාධපුර තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ගම්මානයට පැමිණි වන අලියකු සිදු කළ පහරදීමකින් 62 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) අලුයම 3.30 ට පමණ ගෙවත්තට පැමිණි වන අලියකු මෙලෙස නිවසේ පිටු පස දොර අසලදීම මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, වන අලියා සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

“ගම්මානයට නිරන්තරයෙන් වන අලි පැමිණෙනවා.ගම හැම තැනම හරක් වගේ ඇවිදිනවා, අපිට වවන්න කිව්වට අපි කොහොම වවන්නද, අපේ ජීවිත නැති වෙන එක විතරයි වෙන්නේ.අපි අලි නිසා ගොවිතැන් අතෑරලා ඉන්නේ” ගම්වාසීන් සඳහන් කළා.

Source : Live@8




Leave a Reply

Your email address will not be published. Required fields are marked *