Latest Articles
Search

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක්

139

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Advertisement

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් මෙන්ම සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

Advertisement

ආසියාවේ ශූරයින් (ක්‍රිකට්, නෙට්බෝල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය) වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

Advertisement

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා. එම මුදල රුපියල් කෝටි දාහත හමාරකට අධිකයි.

Advertisement

Source : Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *