Latest Articles
Search

රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙයි

145

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි.

Advertisement

එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන් නුවරට පැමිණිමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතට එක් වනු ඇත.

Advertisement

මීට සමාන  ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක් ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වෙි.

Advertisement

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.

Advertisement

එසේම බිට්‍රික්ස් කුමරියගේ මාපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වී තිබේ. ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉතිහාස පොතට එක් වන්නේය.

Advertisement

මහරැජිනියගේ රාජාභිෂේකයේදී එවක ලංකාවෙි අගමැති ඩඩ්ලි සේනානායක මහතාට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය. එය මෙසේය.

Advertisement

එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලා නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කර තිබුනි. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කර තිබුණේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟය.

Advertisement

මෙය නොරිස්සු අගමැති ඩඩ්ලි උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. පසුව මෙම ගැටළුව විසඳීමට මැදිහත් වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ඔහු මැදිහත්ව මේ ප්‍රශ්නය විසදා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ද තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන තිබුනි.

Advertisement

එම ඉතිහාසය නැවත ලියවෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහරැජිනියගේ රාජකීය අවමංග්‍යයට ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *