පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු

224

පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Advertisement

කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කාන්තා නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවසේ ඇති නාන කාමරයේ වහලයට සවිකර තිබූ තහඩුවක් ඉවත්කර නිලධාරිනියන් කිහිප දෙනකු නාන හැටි බැලද්දී අත්අඩංගුවට ගෙන ඇත.

Advertisement

ප්‍රභූ ආරක්ෂක අංශයක රාජකාරි කරන  පොලිස් සැරයන්වරයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථවේ ඔහු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Advertisement

මෙම සැරයන්වරයා ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින අයකු යැයිද කොළඹ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Advertisement

කාන්තා භට නිවස සමීපයේ ඇති තාප්පයට ගොඩවී ඔහු නාන කාමරයේ වහලයට නැග ඇතැයි පොලිසිය කියයි.

Advertisement

සැකකරු දුටු පොලිස් නිලධාරිනියන් කිහිපදෙනකු මේ බව පොලිස් නිලධාරින්ට පැවැසීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින් ඔහු අල්ලා ගැනීමට යාමේ දී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Advertisement

පොලිස් කණ්ඩායම ලුහුබැඳ ගොස් ටොරින්ටන් මාවතේ දී ඔහු අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී ඇත.

Advertisement

සැකකරු පොලිස් සැරයන්වරයකු බව හෙළිවී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *