Latest Articles
Search

බුදුන්ට පිදූ දරුවන් තිදෙනා

110

අම්මා කෙනෙක්ට දරුවන් කෙරෙහි පවතින ආදරය මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් ආදරයක් නෙවෙයි.

Advertisement

අග හිඟකම් කොතෙක් තිබුණත් තම දරුපැටවුන් තමන්ගේ වටා දැවටෙන එක තමයි අම්මලාගේ එකම සැනසීම.

Advertisement

එහෙම ආදරයක් කඳුළුවලින් හංගගෙන, දරුවන් තිදෙනෙකු බුදු සසුනට පූජා කරන්නට තරම් එඩිතර හදවතක් ඇති මවක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර
ප්‍රදේශයෙන් අපිට හමුවුණා.

Advertisement

තම කුසින් වැදූ දරුවෙකු සසුනට පූජා කිරීම හතර වරිගයම නිවන් දකින්නට හේතුවන කුසලයක්.

Advertisement

එහි කුසලය කෙතෙරම් ප්‍රබල වුණත් අම්මා කෙනෙක්ට තමන්ගේ ඇඟේ දැවටි දැවටි ආදරය, උණුහුම හොයන දරුවෙක් සසුනට පූජා කරන්න හිත හදාගන්න එක එච්චර ලේසි නැහැ.

Advertisement

ඒත් වයස අවුරුදු 36ක් වන උදිකා දිල්රුක්ෂි තමන්ගේ එක් දරුවෙකු නෙවෙයි ,දරුවන් තිදෙනෙකුම බුද්ධ ශාසනයට පූජා කරන්න තරම් කැප කිරීමක් කළ මවක්.

Advertisement

මේ අම්මව අපිට මුණ ගැහෙන්නේ අනුරාධපුර පූජා භූමියට හූවක් දුරින් පිහිටි කිඹුලාකඩ ,ශ්‍රාවස්තිපුර ප්‍රදේශයෙන්.

Advertisement

උදිකා දිල්රුක්ෂිටත්, අසංක සේනාධීරටත් පිරිමි පදුරුවෝ හතර දෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් ඉන්නවා.

Advertisement

ඉන්න හිටින්න හරි හමන් හෙවණක් වත් නැතුව අග හිඟකම් දාහක් මැද වුණත් මේ අම්මයි තාත්තයි දරුවන්ට අසීමිතව ආදරය කළා.

Advertisement

අග හිගකම් මැද තමන්ගේ දරුවන් මහ මඟ අතහැර යන දෙමව්පියන් ගැන අහන්න දකින්න ලැබෙන සමාජයක තමන්ගේ දරුවන්ට හොඳම රැකවරණය තියෙන්නේ බුදු සසුන තුළ පමණයි කියලයි මේ අම්මයි තාත්තයි හිතුවේ.

Advertisement

තමන්ගේ මව්පියන් බලන්න වඩින දවසට, තියෙන විදියට මේ බුද්ධ පුත්‍රයින්ට දානය වේලක් පිරි නමන්නත් මේ මව්පියන් අමතක කරන්නේ නැහැ.

Advertisement

එහෙම වැඩිය දවසට තමන් දුව පැන ඇවිදපු මිදුලේ පුංචි මල්ලිත් එක්ක රිසි සේ සෙල්ලම් කරන්නෙත් මේ පොඩි හාමුදුරුවන්ට තවමත් අත්හැරීම් ගැන හරිහමන් අවබෝධයක් නැති නිසා වෙන්න ඇති.

Advertisement

අයියලා තුන් දෙනාම කහ සිවුරක් පොරවගෙන ඉන්නවා දැකපු මේ පවුලේ බාල පිරිමි දරුවත් සසුන්ගත වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

Advertisement

Advertisement

Source :Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *