Latest Articles
Search

රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු සැප රිය -CCTV

1220

අද (04) අලුයම 5.30ට පමණ මිරිහාන දෙස සිට පිටකෝට්ටේ දෙසට ධාවනය කළ අධිසුඛෝපභෝගී ජීප් රථයක් කෝට්ටේ ශ්‍රී නාගවිහාරය ආසන්නයේ දී අනතුරට පත් වී ඇත.

Advertisement

රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව ශ්‍රී නාගවිහාරය, නිවසක තාප්පයක ඇතුළු ස්ථාන කිහිපයක රථය ගැටී තිබේ.

Advertisement

එම අනතුරෙන් කෝට්ටේ නාගවිහාරයේ තාප්පයට හා තවත් වෙළෙඳ සැලකට හානි සිදු වී ඇත.

Advertisement

එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂික කැමරා කිහිපයක සටහන් වී තිබුණි.

Advertisement

සුඛෝපභෝගී ජීප් රථයේ රියදුරු මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Advertisement

අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

Advertisement

Advertisement

Source:Adaderana 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *