Latest Articles
Search

මාළු පාන් හදද්දී කරපිංචා වෙනුවට කොහොඹ කොළ දාලා

107

දකුණු පළාතේ උපනගරයක වූ සුළු පරිමාණ බේකරියකි. එය වඩාත් ප්‍රසිද්ධ වූයේ ඉතා රසවත්ව හදන මාළු පාන් නිසාය. එහෙත් පසුගිය දා මාළු පාන් මිලයට ගත් බොහෝ දෙනකු ඒවා තද තිත්ත බව පවසමින් ආපසු ගෙනා අතර බේකරි හිමියා ද එය හපා බැලු අතර තද තිස්ස රස බව දැන සේවකයන් සමඟ ඊට හේතු සොයා බැලුවේය.

Advertisement

මෙය ඇසු බේකරි හිමියාගේ බිරිය බේකරියේ කෑම සඳහා වූ අමුද්‍රව්‍ය ගබඩා කරන ශීත කරණය අසලට ගියේ සැකයෙනි. තම වැඩිමහල් පුතා වෙලාවක් ආවේලාවක් නොබලා තම මව් කිරි බීමේ කරදරයෙන් මිදීමට ඇය තම පියයුරුවල කොහොඹ කොළ දියර ආලේප කිරීමට ගෙනා කොහොඹ කොළ රහසේ දමා තිබුණේ ද මේ ශීතකරණයේය. මුදලාලිගේ ගෝලයෝ මාළු පාන් රස කිරීමට ගෙනා කරපිංචා කොළ ද තිබුණේ එහිමය.

Advertisement

එදා උදෑසන නිදිමතේ කරපිංචා කොළ වෙනුවට කොහොඹ කොළ දමා ඇති බව සිහිපත් වීමෙන් ඇයට දෙවියන් සිහි වුවත් මේ චෝදනාවෙන් ගැලවීමට සිතු ඇය ඉතිරිව තිබූ කොහොඹ කොළ අතු කීපයක් රැගෙන විත් එළියට විසිකොට කිසිත් නොදන්නා ලෙස සිටියාලු.

Advertisement

තිහගොඩ උපසේන ලියනගම

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *