Latest Articles
Search

මනමාලය කුකුලා වූ හැටි

209

දුවගේ විවාහ මංගල්‍ය දින දෑවැද්දට දීමට රැගෙන ආ කුකුළකු නිසා මනමාල මහතා දැඩි අපහසුවකට පත්වූ පුවතක් දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා විය.

Advertisement

දෙල්තොට ප්‍රදේශයේ ගොවි මහතකුගේ වැඩිමහල් දියණිය පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයකුට විවාහ කරදීමේ මංගල උත්සවය පසුගිය 29 වැනිදා නෑ හිතමිතුරන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සව ශාලාවක පැවැත්විණි.

Advertisement

මනමාල මහත්මිය ගේ ඥාති පිරිස ඇයට දෑවැද්දට ලබාදීමට සූදානම් කරන  ලද සියලු දෑ උත්සව ශාලාවේ එක පසක තබන ලද්දේ මහත් ආඩම්බරයෙනි.

Advertisement

විවාහ මංගල්‍යයේ පෝරුව චාරිත්‍ර  අවසන්ව නෑ හිත මිතුරන් ආගිය තොරතුරු  කතාබහ කරමින් සිටින අතරතුර උත්සව ශාලාව පසුපස සිට කුකුළෙකු ඉගිලගෙන විත් උත්සව ශාලාවේ ඉදිරිපස මේසයක් මත වැසුවේය.

Advertisement

මේසය මත වැසූ කුකුළා කුක්කු කූක් යනුවෙන් හඬලෑම නිසා උත්සව ශාලාවේ සිටි සියලු දෙනා ආමන්දානන්දයට පත්ව මනමාලයා කුකුළා  කියා හඬනැගීම නිසා මනමාල මහතා දැඩි අපහසුවට පත්විය.

Advertisement

සිදුවූ දේ පිළිබඳ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලූ මනමාලියගේ පියා තම නිවසේ ඇති දැඩි  කළ කුකුලා සහ බිත්තර දාන කිකිළියත් පෙට්ටියක  දා දුවට දෑවැද්දට දී තිබූ දෑවැදි බඩු ළඟ තබා තිබියදී කුකුළා පෙට්ටිය සිදුරුකරගෙන එළියට ආ වග සඳහන් කළේය.

Advertisement

කුකුළාත් කිකිළියත් දියණියට දුන්නේ අපේ රටේ දරුවන් මන්දපෝෂණයට ලක්වී ඇති බව ප්‍රවෘත්තිවල නිතර කියන නිසා බවත් දියණිය වගේම දියණියට ඉදිරියේදී ඉපදෙන්නට ඉන්න දරුවන්ද මන්දපෝෂණයෙන්් බේරා ගැනීමට සිතා කුකුළන් දෙදෙනා දියණියට තෑගි දුන් බවත් මනාලියගේ පියා මංගල සභාව අමතා පැවසුවේ  සිදුවීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් සමාව ඉල්ලමිනි.

Advertisement

Source: Lankadeepa (පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර)

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *