Latest Articles
Search

පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාර දුන් උතුම් කොන්දොස්තර මහතා සහ රියැදුරු

3029

හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා  තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා  ගත්  රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

Advertisement

මෙලෙස මුදල් පසුම්බිය අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී ජී බන්දුලසේන නැමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තර මහතා සහ එච්. එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි රියදුරු මහතා බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

Advertisement

තිස්සමහාරාමේ හෝටලයක කළමනාකාරවරයා  බැංකුවක මෙම මුදල් තැන්පත් කිරීම සඳහා යතුරුපැදියෙන් රැගෙන යන අවස්ථාවේ මෙම මුදල් පසුම්බිය ජංගම දුරකතනය සමඟ වැටී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත.

Advertisement

පසුව එම ජංගම දුරකතනය සමඟ සම්බන්ධ වී එම මුදල් පසුම්බිය තිස්සමහාරාම බස් නැවතුම්පොළ ආසන්නයේ දී අහුලා ගත් බවත් බස් රථය මේ වනවිට තංගල්ල ප්‍රදේශයට ගමන් කරන බවත් තංගල්ල ඩීපොවට පැමිණ මුදල පසුම්බිය භාරගන්නා ලෙසත් පවසා ඇත.

Advertisement

ඒ අනුව තිස්සමහාරාම පොලීසිය අයිතිකරු සමග තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කල බව තතිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

Advertisement

Source : Lankadeepa (අමිල සම්පත් ශ්‍රී) 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *