උදෙන්ම නැගිටින්න පුරුදු වෙන්නෙ කොහොමද?

613

දවල් වෙනකම් නිදියන එක කියන්නේ අපි හැමෝම බාල, මහලු බේදයක් නැතුව කැමති දෙයක්. ඔයා මේ වෙද්දී උදේට නැගිටින හැටි ගැන ලිපි ඕනෙතරම් කියවලා ඇති. පරක්කු වෙලා නැගිටින අපි හැමදාම වගේ සමහර දේවල් කරන්න මගහරිනවා. නමුත් එදාට නිදියන්නේ අර කරන්න බැරි වුන දේවල් ගැන කනස්සල්ලෙන්. එහෙම වුනාම අපි අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා හෙට නම් නැගිටින්න ඕනේ කියල. නමුත් ඒ දේ කරන්නේ කීයෙන් කී දෙනෙක්ද?

Advertisement

උදේ නැගිටින එකෙන් ලැබෙන ප්රතිලාභ ගැන වෙනම ලිපි පවා අපගේ වෙබ් අඩවියේ තිබෙනවා. ඔබේ ජීවිතේම කාර්යක්ෂම සහ පලදායී වීම තමා උදෑසන අවධි වන එකේ ලොකුම යහපත වෙන්නේ. ඉතින් අපි මේ විදිහට උදේම නැගිටින්න කරන්න ඕනේ දේවල් මොනවද කියල බලමු.

Advertisement

01) ඔබ කලින් දවසෙ රෑ ඉදලා සැලසුම් කරන්න

උදෙන්ම නැගිටින්න නම් අනිවාර්යෙන්ම කලින් දවසෙ රෑ කලින් නිදාගන්න ඕන. මම දන්න ගොඩාක් අය ඉන්නවා එයාලට රෑට නින්ද යන්නෙ නෑ කියනවා. ” මට නින්ද යන්නෙ නෑ ඒක නිසා ෆොන් එක ඔබ ඔබ ඉන්නවා, නැත්තම් මූවි එකක් බැලුවා” වගෙ දෙවල් තමා කියන්නෙ. ඒත් ඔයාලට හොඳ නින්දක් ඕන නම් නිදාගන්න පැයකටවත් කලින් ඉදලා ඔයාගෙ ෆෝන් එක, ලැප් ටොප් එක, ටී.වී එක, ඔෆ්ෆ් කරලා තියන්න. මේ electronic ඩිවයිස් වල තියන බ්ලු ලයිට් වලින් අපේ “මෙලටොනින්” එහෙමත් නැත්තම් නින්දට උදව් වෙන හොර්මොන වලට හානි කරනවා. ඉතින් අපි මේවා දීහා බලන් ඉන්නකොට අපිට නිදිමත එන්නෙ නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පොතක් අතට ගත්තම අපිට කොච්චර නිදිමත එනවද? ඒත් ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට අපිට එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?

Advertisement

02) හැමදාම ගුණාත්මක නින්දක් ලබා ගන්න

ගුණාත්මක නින්දක් ලබන්න හොඳ පාන වර්ග තිබෙනවා. ඔයාට පුලුවන් නිදා ගන්න කලින් රස්නෙන් මොනව හරි බොන්න. මද රස්නෙ වතුර ටිකකට, ලෙමන් හෝ දෙහි බින්දු කීපයක් එක්ක මී පැනි ටිකක් දාල, නැත්තම් ගොඩාක් සුපර් මාර්කට් වල ගන්න තියන කැමමයිල් ටී එකක් බොන්න පුලුවන්.

Advertisement

ඒ වගේම ඔබේ ඇඳ ඇතිරිලි වලට නින්දට උපකාර කරන sleeping sprey ටිකක් ඉසින්න පුලුවන්. ලැවෙන්ඩෙර් සහ ජස්මින් සුවඳ නින්දට උපකාර කරනවා. ඒ වගේම ඔයාල පුලුවන් නම් සීතල කාමරයක නිදා ගන්න. ඔයාගෙ නිදන කාමරේ උණුසුම් නම් හොද නින්දක් යන්නෙ නෑ. පිටතින් ආලෝකය ඔයාගෙ කාමරයට එන්නෙ නැති වෙන්න අදුරු තිර රෙදි දාන්න පුලුවන් නම් හොදයි.

Advertisement

03) ඔබේ එලාර්ම් එක තියන විදිය වෙනස් කරන්න

විනාඩි 10 න දහයට එලාර්ම් තියන්න එපා. එතකොට වෙන්නේ ඔබ ඒක ඔෆ් කරමින් නිදියනවා. එක පාරක් විතරක් තියන්න. අනික එලර්ම් එක තියලා ෆොන් එක ටිකක් දුරින් තියන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ඇඳෙන් බැහැල යන්න වෙනවා.

Advertisement

04) නැගිටලා ඇදට වෙලා ෆොන් එක බල බල ඉන්න එපා

අපි ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ උඩෙ නැගිට්ටම ඇදට වෙලා ෆොන් එකෙ උඩට පහලට යන්නනෙ, එක කරන එපා, එකෙන් දන්නෙම නැතුව වෙලාව යන්වා, එක පාරක් ඇහැරුනාම අනිවර්යෙන්ම ඇදෙන් බහින්න.

Advertisement

05) හිමින් හිමින් උදෙම නැගිටින එක පුරුද්දක් කරගන්න

හැමදාම උදෙ 9.00ට නැගිටපු කෙනෙක්ට එක පාරටම පාන්දර 4ට්ස් නැගිටින්න හුරු වෙන්න බෑ, එක නිසා ටික ටික හුරු වෙන්න, මුලින්ම දවස් 5ක් විතර පැය කාලකට කලින් නැගිටින්න, ඊලගට ඒක පැය බාගයක් කරන්න. එහෙම හිමින් හිමින් පුරුදු වෙන්න.

Advertisement

06) සති අන්තයෙත් උදෙන්ම නැගිටින්න

ඔබෙ ඇග, සහ මනස දෙකම මෙ වෙනසට හුරු වෙනකල්ම සති අන්තයෙත් උදේම නැගිටින්න. උදේ නැගිටින පුරුද්ද රෝපණය වුනාම ඔබට එලාර්ම් එකක් ඕනේ වෙන්නේ නැහැ. නිකන්ම ඇහැරෙනවා.

Advertisement

ඔබ උදේම නැගිටින්න හුරු වුනාම , ඔබට දැනෙයි ඔබ වෙනුවෙන් කොච්ච්ර කාලයක් තියනවද කියලා. සමහර වෙලාවට ඔබට හිතෙයි අනේ මේ තේ එක වෙනදාට වඩා රසයි කියලා. ඒ ඔබ නිදහසේ තේ එක රස විදින නිසා. උදේම නැගිටලා දොර ජනෙල් ඇරලා දාන්න. ගෙදරට ඉර එලිය වැටෙන්න දෙන්න. ඔබේ ආගමික වතාවත් වල නිරත වෙන්න. ඔබේ දවසෙ ටු-ඩූ ලිස්ට් එකක් හදාගන්න. පොඩ්ඩක් ඇවිදින්න යන්න. පුන්චි හරි ගාර්ඩන් එකක් ඔයාට තියනවා නම් පැල වලට වතුර දාන්න. මල් ගස් ටිකකට උදේම සාත්තු කරන්න.

Advertisement

දවස ඉවරවෙනකොට අපේ ශක්තිය වැය වෙලා අපිට මහන්සියි. ඒක නිසා උදෙන්ම දවස පටන් ගනකොට අපිට හවසට කරන්න මග ඇරෙන වැඩ ගොඩාක් කරන්න පුලුවන්. මුලින්ම ඔයාට කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් තමන් විසින්ම හිතලා කලොත් ඔයාට ලොකු වෙනසක් දැනෙවි, හිත ඇත්නම් පත කුඩාද කියන්වනෙ, එක නිසා උත්සහ කරලා බලන්න.

Advertisement

භාග්යා හල්ගොල්ල

Advertisement

goodhousekeeping

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *