Latest Articles
Search

මත්පැන් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී

1662

මත්පැන් සම්බන්ධයෙන් විශේෂ වැටලීමක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

Advertisement

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

Advertisement

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

Advertisement

“අපි වර්ෂයකට ඉස්සරවෙලා ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා. සුරා බෝතලයක් ගන්නකොට ඒකෙ ස්ටිකරයක් තියෙනවා මේක සැබෑ නිවැරදි නිෂ්පාදනයක් කියලා ස්ටිකර් එකේ.

Advertisement

හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ස්ටිකර් වෙනුවට වෙනත් ස්ටිකර් ගහනවා කියලා දැන් ලොකූ ප්‍රශ්නයක් රටේ මතුවෙලා තියෙනවා. හැබැයි ඒ කරන අයට මම කියනවා අපි මේ සුමානේ ඉඳලා දැවැන්ත වැඩපිළිවෙලක් ඒකට යොදනවා.

Advertisement

රාජ්‍ය ආදායමත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ වැටිච්ච රටේ. ඒ නිසා කවුරුහරි ඒවා කරනවා නම් ප්‍රවේසම් වෙන්න සියලුම ක්‍රමවේදයන් යොදලා ඒවා නවත්වන්න අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කරා.”

Advertisement

සිඳී ගිය උඩවලවට ලැබුණු සුබ ආරංචිය

වියළි කාලගුණයෙන් අහිතකර බලපෑම් එල්ල වී ඇති උඩවලව ගොවිබිම්වල භාවිතය සඳහා වැව් 11 ක ජලය උඩවලව ජලාශය වෙත මුදාහැරීමට පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශ කළේය.

Advertisement

එහි ජල මට්ටම මේ වන විට පවතින්නේ සියයට දෙකක මට්ටමකය.

Advertisement

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එම ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් මෙම තත්ත්වය නිසා හානිවීමේ අවදානමට ලක්ව ඇති බවය.

Advertisement

මේ තත්ත්වය හමුවේ සමනල වැව ජලාශයෙන් උඩවලට ජලාශයට යම් ජල ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධාන කළ ගොවි සත්‍යග්‍රහය අද 10 වැනි දිනටත් ක්‍රියාත්මක වුණි.

Advertisement

වලවේ ජල ගැටලුවෙන් පීඩාවට පත් මුරවැසිහේන හා අඟුණුකොලපැලැස්ස ගොවීන් අද දහවල් විරෝධතාවක නියැලුණේ අඟුණුකොලපැලැස්ස නගරයේදී.

Advertisement

ජලය නොමැතිව හානි වූ රන්න කට්ටකඩුව ගොවිබිම් නිරීක්ෂණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද පැමිණියේය.

Advertisement

උඩවලවේ ජලාශයේ ජලගැටලුව විසඳාගැනීමට සමනලවැව ජලාශයෙන් ජලය සපයාගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැරූ උත්සාහය අසාර්ථක වුණේ එසේ වුවහොත් දිස්ත්‍රික්ක පහකට පැය තුනක දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවීම හේතුවෙනි.

Advertisement

උඩවලව ජලාශයට යම් ජල ප්‍රමාණයක් නිදහස් කිරීමට මොනරාගල ගොවි ජනතාව එකඟතාව පළකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

Advertisement

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් යම් ප්‍රමාණයක් වේලි ඔය අමුණ ඔස්සේ උඩවලව ජලාශයට ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවය.

Advertisement

කෙසේ වෙතත් උඩවලවේ ජලාශය යටතේ වගාකර ඇති කුඹුරුවලට ජලය නොලැබුණහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් රුපියල් බිලියන 1.6ක පාඩුවක් සිදුවෙතැයි මේ වන විට ගණන් බලා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

Advertisement

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ කෙසෙල් ඇතුළු අනෙකුත් භෝග හානිය නිසා සිදුවිය හැකි සමස්ත අලාභය රුපියල් මිලියන 30,000 ඉක්මවනු ඇති බවය.

Advertisement

කෙසේ වෙතත් සිය දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල මේ කන්නයේ වගාවන්ට ප්‍රමාණවත් ජලය පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පවසයි.

Advertisement

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද පවසන්නේ මහවැලි කලාපයේ ජලය ගොවිතැන සඳහා කළමනාකරණය කරගත හැකි බවය.

Advertisement

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගොවිබිම් සඳහා ජලය සැපයෙන වැව් රැසක් සිඳී යමින් පවතියි.

Advertisement

මේ වෙද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල සක්‍රීය ධාරිතාවය 33% දක්වාත්,  මහවැලි ජලාශවල සක්‍රීය ධාරිතාවය 35% දක්වාත් පහත වැටී තිබේ.

Advertisement

මේ වාතාවරණය තුළ විදුලි උත්පාදනය සඳහා ජලය සපයාගැනෙන ජලාශ පිළිබඳවත් අප අවධානය යොමු කළේය.

Advertisement

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ විදුලි උත්පාදන ජලාශවල සමස්ත ජල මට්ටමද අද වන විට 36% දක්වා පහළ බැස ඇති බවය.

Advertisement

ඊයේ දිනයේ මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් ජලය භාවිත කර නිපදවා ඇති ප්‍රතිශතය 15% කි.

Advertisement

61.2 % ක් තාප බලාගාරවලිනුත් , 13.4 % ක් පමණ සූර්ය හා සුළං බලාගාරවලිනුත් , ඉතිරිය ජෛව හා කුඩා බලාගාර වලිනුත් සපයාගෙන තිබේ

Advertisement

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වී ඇති එල් නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇති වූ බලපෑම සහ පවතින වියළි කාලගුණයත් සමග විදුලි උත්පාදනයට යොදා ගන්නා ජලාශවල ජල මට්ටම් ද පහළ වැටී තිබේ.

Advertisement

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය 11% ක්, සමනලවැව 14% ක් සහ වික්ටෝරියා 32% ක් ලෙස සටහන් වන බවය.

Advertisement

කාසල්රි ජලාශයේ සක්‍රිය ජල ධාරිතාවය 43% දක්වාත්, මාවුස්සැකැලේ 44% දක්වාත්, කොත්මලේ 66% දක්වාත් පහත වැටී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

Advertisement

කෙසේ වෙතත් තවමත් විදුලි උත්පාදනය සඳහා ගැටලුකාරී තත්ත්වයක් මේ වනතෙක් උද්ගතව නොමැති බව විදුලිබල මණ්ඩලය පවසයි.

Advertisement

වර්ෂාව නොමැති තත්ත්වයක වුවද විදුලිය නිෂ්පාදනය සඳහා මෙම ජල ප්‍රමාණය මාස දෙක හමාරක පමණ කාලයකට ප්‍රමාණවත් වනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

Advertisement

පවතින මෙම වියළි කාලගුණ තත්ත්වයට හේතුවී ඇති ” එල් නිනෝ ” තත්ත්වය යම් තරමකට සමනය කරමින් ඔක්තෝබර් පමණ වන විට වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *