Latest Articles
Search

දක්ෂතාවය තියෙනවා නම් ඒ තුළින් ඉදිරියට යනවා හැරෙන්නේ මොකටද ලේසි ක්‍රම පාවිච්චි කරන්නේ

529

නවක නිරූපණ ශිල්පිණියක් වූ දිනූ ලියනගේ සමගින් මෙවර අපි කතා බහා කළේමු. දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ඇය නිරූපණයට දක්වන්නේ ඉමහත් කැමැත්තකි.ෙ විවිධ කලා නිර්මාණ ඔස්සේ දකින දිනූ දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි.

Advertisement

නිරූපිකාවක් වුණ දැන් ඔබ රංගන ශිල්පිණියක්?

Advertisement

ඔව්, මේ දිනවල ටෙලි නාට්‍යයක මම රඟපානවා. ඒ ජී. නන්දසේන මහත්මයාගේ ‘සුළඟ ඔබ ළඟ’ කියලා. තවම මේක විකාශය වුණේ නැහැ. ඒ නිසා ඉදිරියට ඒ ගැන තොරතුරු කියන්නම්.

Advertisement

නිරූපණ ක්ෂේත්‍රය අත්හැරලාද දැන්?

Advertisement

නැහැ. මම කලාවට සම්බන්ධ වුණේ නිරූපිකාවක් විදිහට. මුල අමතක කරලා නැහැ. අදටත් මම නිරූපණ කටයුතුවල නිරත වෙනවා.

Advertisement

ඒ කියන්නේ ක්ෂේත්‍ර දෙකේම දැන් ඔබ වැඩ කරනවා?

Advertisement

ඔව්, බොහෝම කැමැත්තෙන් වැඩ කරනවා. පසුගිය කාලයේ ගොඩක් වැඩ කළා. ඉදිරියට ඒ නිර්මාණ හරහා මාව දකින්න පුළුවන් වේවි.

Advertisement

නිරූපණයද ලේසි රඟපාන එකද?

Advertisement

දේකම ලේසි නැහැ. මොකද, මේ හැම එකක්ම කළ යුත්තේ හැදෑරිමකින් පසුවයි. මම තවම මේ ක්ෂේත්‍ර දෙක ගැනම ඉගෙන ගන්නවා. අද කරල හෙට අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක හැමදාම මේ ක්ෂේත්‍රයවල ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

Advertisement

මිනිස්සු ඔබව ඉක්මණින් අඳුනගත්ත චරිතයක් කිව්වොත් හරිද?

Advertisement

නැහැ. තවමත් මාව දන්නේ නැති පිරිස බොහෝමයක් ඉන්නවා. දන්න පිරිස අවමයි. මම ඉක්මන් ගමනක් මේ ක්ෂේත්‍රවල යන්නේ නැහැ. බොහෝම හෙමින් ගමනක් යන්නේ. ඒ නිසා මේ දන්න පිරිස ඇති කියලා මම හිතනවා.

Advertisement

අලුත් අයට වැඩ කරද්දි විවිධ බලපෑම් එනවා?

Advertisement

මට නම් එහෙම දේවල්වලට මුහුණ දෙන්න තවම සිදුවෙලා නැහැ. හොඳ විදිහට ගියොත් හැමෝම අපිව හොඳින් පිළිගන්නවා. අලුත් අයට මේ ප්‍රශ්න තියෙනවා. නමුත්, අපි දැනගන්න ඕනා හරි විදිහට මේ ක්ෂේත්‍රවල කටයුතු කරන්න.

Advertisement

ක්ෂේත්‍රය තුළ යන කට කතා බොරුද?

Advertisement

ඒ ගැන හරියටම මට මුකුත් කියන්න බැහැ. මොකද, මේ ක්ෂේත්‍රවලට මම තවම නවකයෙක් නිසා. අලුත් අයට මේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත්, මගේ අදහස නම් තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් ඒ තුළින් ඉදිරියට යනවා හැරෙන්නේ මොකටද ලේසි ක්‍රම පාවිච්චි කරන්නේ.

Advertisement

ඉදිරිය කොහොම වෙයිද?

Advertisement

ඉදිරිය ගැන දැන්ම කියන්න අමාරුයි. හොඳ නිර්මාණ ලැබුණොත් ඊට දායක වෙනවා. හැම දෙයක්ම පටලෝගෙන කරන්නේ නැහැ.

Advertisement

බුද්ධික සේනාධීර

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *