Latest Articles
Search

ඒ ළමය මාව බලන්න ආව කියලා මට හිතුණා. එයාට මන් ගාවට එන්න බැරි නිසා මන් ගිහිල්ලා ගීතයේ කොටසක් ගැයුවා

559

රියැලටි වැඩසටහනක විනිසුරුකරුවෙක් ලෙස ලබන අත්දැකීම කොහොමද?

වෙලාවකට අමාරු වැඩක්. ඒක එහෙම මට දැනෙන්නේ මමත් ආධුනිකයෙක් විදියට, තරගකරුවෙක් විදියට එතැනින් ආව නිසා. ඒ තරගකරුවන්ගේ මානසිකත්වය, එයාලට තියෙන ආතතිය මට දැනෙනවා වැඩියි. එයාලගේ ඇත්ත මානසිකත්වය දන්න නිසා බොහෝ වෙලාවට ඒගොල්ලන්ට උදව් කරගෙන යන්න පුළුවන් තැනකයි මම ඉන්නෙ. හැබැයි ඒකත් එක්ක වෘත්තීය විනිශ්චයකරුවෙක් විදියට ඒ කටයුත්තත් සාධාරණව කරන්නට ලැබීම ගැන මට සතුටුයි.

Advertisement

එදා සහ අද එවැනි රියැලටි වැඩසටහන් නියෝජනය කරන ආධුනික තරගකරුවන්ව ඔබ දකින්නෙ කොහොමද?

තරගාවලියට ඉල්ලුම්කරන තරගකරුවන්, ඔවුන්ගේ ආශාවන් වෙනස්. පරිසරය වෙනස්. ඒ වගේමයි ඉස්සරයි අදයි ගත්තම ලොකු වෙනසක් තියෙන්නෙ කිසි දෙයක් නොදැන රියැලටි වලට ආපු කාලයක් තිබුණේ පටන් ගැන්මෙදී. දැන් රියැලටි ගැන හොඳ අත්දැකීමක් සහ voting campaign, කොහොමද තරගයක් ඇතුළෙ දිනන්න සැලසුම් කරන්නෙ කොහොමද කියලා ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන එන පිරිසක් තමයි දැන් දකින්නෙ. තරගකාරිත්වය වැඩී. එදා පරපුරට වඩා අද පරපුරේ දක්ෂතාත් ගොඩක් දියුණුයි. මොකද එයාලට පාවිච්චි කරන්න තියෙන මාර්ග වැඩීයි. අන්තර්ජාලය, යු ටියුබ්, ආදි හැම එකකින්ම ලෝකයෙ දේවල් බලන්න පුළුවන්. ඉස්සරට වඩා කලාවට දැන් පොඩි කාලෙ ඉඳලාම අත දෙනවා. ඒ නිසා ළමයි පොඩි කාලෙ ඉඳලාම සංගීතය ගැන දැනුම්වත්. එතකොට එයාලා එක්ක බොරු කරන්න අමාරුයි. දක්ෂතාවයයි තරගකාරිත්වයයි අද ඉන්න පිරිසගේ වැඩියි..

Advertisement

මේ දවස්වල ඔබේ වීඩියෝවක් සැරිසරනවා සමාජ මාධ්‍ය තුළ. ඒ ගැන කිව්වොත්?

ඒක අහම්බෙන් වුණ දෙයක්. මිනිස්සුන්ට මතකය අලුත් වුණා. ඒ වගේම සිද්දියක් මට අවුරුදු 19යෙදී මගේ පළවෙනි සීඩි එක එළි දුටු වෙලාවෙදි dreams of ශිහාන්, එළිදැක්වීම වෙලාවේ සිදු වූ දෙයක් ඒක අහම්බයක්. එදා මම ඒ වෙලාවේ ඉදිරිපස සිටිය එකේ හිටපු ගැහැනු ළමයෙක්ව උඩට ගන්නවා. ඒ ඇස ගැටෙනා ගීතය ගයද්දි. මම අවුරුදු හතළිහ සම්පූර්ණ වෙන්න ඉන්නෙ. නැවත වතාවක් ඒ වගේ දෙයක් වුණා ගිය සෙනසුරාදා. ඒක නම් ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආව කියලා මට හිතුණා. එයාට මන් ගාවට එන්න බැරි නිසා මන් ගිහිල්ලා ගීතයේ කොටසක් ගැයුවා. ඒ අවස්ථාව බොහෝ පිරිසක් හොඳ විදියට දැකලා තිබුණා.

Advertisement

රසිකයන් කියන්නෙ ඔබ නිහතමානි කලාකරුවෙක් කියලා. ඒ ගැන ඔබට අදහසක් තියෙනවද?

මම ඒ ගැන මෙහෙම කියන්නම්. කලාකරුවෙක්ට විනයක් තියෙන්න ඕන. ඒකට තමයි ඔය මිනිස්සු නිහතමානිත්වය කියලා කියන්නෙ. නිහතමානිත්වය කියනදේ සාපේක්ෂයි. මම හිතන්නෙ හැමෝම ‘ශිහාන්‘ නිහතමානී කියලා හිතනවා නම් නිහතමානිත්වයට වඩා ශිහාන්ට විනයක් තියෙනවා කියන එක තමයි මම හිතන දේ. මම රියැලටි එකක ඉන්න තරුණ තරුණියන්ට වුණත් කියන්නෙ විනයක් තියා ගන්න. මම නිහතමානී කියලා මිනිස්සු හිතන්නේ ඒගොල්ලො මට ආදරය කළා දැනට අවුරුදු 17කට 18කට කලින්. ඒගොල්ලො මට sms කළා. මාව දිනවන්න මහන්සි වුණා. ඒ ආදරය නැතිවෙන විදියෙ කිසිම දෙයක් මම පෞද්ගලික වාසි වෙනුවෙන්, සල්ලි වෙනුවෙන් මගේ හැඟීම් වෙනුවෙන් මම පාවිච්චි කළේ නැහැ. එහෙම නොකර ඉන්න මට විනයක් තිබුණා. මට නිකන් හැමදේම ලැබුණා. මම මෙහෙම කියන්නම් කලාකරුවෙක්ට, පිරිමි කෙනෙක්ට ගැහැනුන්ගෙ සම්බන්ධතා, එහෙමත් නැත්නම් මත්පැන්, මුදල් වෙනුවෙන් විකිණෙන්න පුළුවන්, ආදරය විකුණන්න පුළුවන්, මිනිස්සුන්ව අවභාවිතා කරන්න පුළුවන්. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් මට විනයක් තිබුණා. මට ආදරය කරපු මිනිස්සුන්ගේ ආදර රැකගෙන මේක කවදා හරි නවත්තන දවස වෙනකන් මේකට වටිනාකමක් දෙන්න. ඒක තමයි මිනිස්සු හිතන්නෙ. මම මිනිස්සු එක්ක හොඳින් කතා කරන්නෙ ඒ නිසා. සමහර වෙලාවට මගේ පවුලෙ මිනිස්සුන්ටවත් කතා කරන්නෙ නැතුව ඇති. මන් ඊට වඩා දරදඬුයි මගේ පවුලෙ මගේ දරුවන් එක්ක. මන් ඊට වඩා නීති තියාගෙන ජීවත් වෙන කෙනෙක්. හැබැයි මන් මිනිස්සුන්ට මට ඒගොල්ලො ආදරය කරපු නිසා මම විනයක් තියාගන්නවා එයාලට ගරු කරන්න සහ කලාකරුවෙක් විදියට. මම ක්ෂේත්‍රයට එන කාලයෙදී මට මගේ බිරිඳගෙ පවුලෙන් කලාකරුවෙක්ට බන්දලා දෙන්න අකමැති කියන තැන කලාකරුවා සවුත්තු වෙලා තිබුණා. මට වුවමනාවක් තිබුණා කලාකරුවෙක් විදියට කලාකරුවෙක්ට දුවෙක් දෙන්න පුළුවන් කියන තැනට මම ජීවත් වෙනවා කියලා.

Advertisement

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද ?

මම ලියා මමම සංගීතවත් කර ගායනා කළ ගීත ටිකක් එකතු වෙලා තියෙනවා. නමුත් එය එළිදැක්වීම දවසින් දවස කල් ගියා. ආපසු ඒ නිර්මාණ දිහා බලනකොට ඒවා කරන්න ආසාවක් තියෙනවා. රට හොඳ අතට හැරෙනකම් බලාගෙන ඉන්නවා ඒ නිර්මාණ එළිදක්වන්න. එතනින් එහාට ලොකු බලාපොරොත්තු නැහැ. මට ඕන මගෙ බිරිඳ දරුවෝ එක්ක නිදහසේ ඉන්න.

Advertisement

සඳුනි අරුමප්පෙරුමාච්චි

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *