Latest Articles
Search

මම ගොඩක් විනෝදේට බර කෙනෙක්-යොවුන් නිරූපණ ශිල්පිණි මිනුරි

471

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වුවත් මිනුරි ද සිල්වා වර්තමානය වනවිට බොහෝ පිරිසක් දන්න හඳුනන යොවුන් නිරූපණ ශිල්පිණියක්. ක්‍රමයෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගනිමින් ඉදිරියට එන ඇය මෙවර සාරවිට තරු කතාබහට අපි මෙසේ සම්බන්ධ කරගත්තේමු.

Advertisement

මිනුරිව අපිට අඳුන්වලා දෙන්න?

Advertisement

මම කලාවට දක්ෂ කෙනෙක්. මට හොඳට නටන්න පුළුවන්. ඒ වගේ සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඒ දෙකටත් වඩා මට පුළුවන් හොඳට චිත්‍ර අඳින්න. මගේ ජිවිතේ ගත්තොත් මම ගොඩක් විනෝදේට බර කෙනෙක්. හැමෝම එක්කම සුහදශිලි කෙනෙක් කිව්වොත් හරි.

Advertisement

දැනට ඔබ වෘත්තියක් විදිහට කරන්නේ මොකක්ද?

Advertisement

තවම මම අධ්‍යාපනය ලබන කෙනෙක්. ආසාවට මම නිරූපණ වැඩ කරනවා. ගොඩක්ම බ්‍රයිඩ්ල් මොඩ්ලින් තමයි කරන්නේ. පැජන්ට්වලට වගේ ඉදිරිපත් වෙන්න ආසයි. නමුත්, තවම මම ඒවාට ගියේ නැහැ.

Advertisement

නිරූපණ ක්ෂේත්‍රයට ආවේ කොයි කාලේද?

Advertisement

2018 වසරේදී. මම අපොස සාමන්‍ය පෙළ විභාගයට පෙනි හිටියේ 2019 වසරේ. අධ්‍යාපන කටයුතුවල නිරත වෙන ගමන් තමයි මම නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්නේ. මතක් කරන්න ඕනා මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර පල්ලේකැලේ පිහිටි නලන්දා මහා විද්‍යාලය.

Advertisement

පාසලේදී ඔබ කැපි පෙනෙන කෙනෙක්ද?

Advertisement

ඔව්, පාසල් කාලේ මම ගොඩක්ම බර වුණේ කලා කටයුතුවලට තමයි. අධ්‍යාපන කටයුතුවලට වඩා ගොඩක් වෙලාවට මගේ නම කියැවුණේ කලා කටයුතුවලදී කිව්වොත් හරි.  නැටුම්, සංගිතය, චිත්‍ර මේ හැම අංශයකින්ම මම පාසලේදී ඉදිරියෙන්ම හිටියා. පාසලේ ගොඩක් තැන්වල අදටත් මම ඇදපු චිත්‍ර තියෙනවා. ඊට අමතරව පාසලේ බටහිර තූර්යවාදක කණ්ඩායමෙත් මම සාමාජිකාවක් විදිහට කටයුතු කළා.

Advertisement

රඟපාන්න ආසාවක් නැද්ද ඔබට?

Advertisement

රඟපාන්න නම් ලොකු කැමැත්තක් ආසාවක් මට නැහැ. නමුත්, පාසලේ තිබුණ නාට්‍ය තරගවලින් මම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. පාසල් කාලේ හොඳම නිළියට හිමි සම්මාන පවා මම දිනාගෙන තියෙනවා. චිත්‍රපට, ටෙලි නාට්‍යය කිහිපයකටම වගේ සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. නමුත්, ඒවාට මම ගියේ නැහැ. බලමු මට හොඳයි කියලා හිතෙන වැඩක් ආවෙත් මම ඒක භාරගන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදි.

Advertisement

පවුලේ අය කලවට සම්බන්ධ වෙලා නැද්ද?

Advertisement

ඉන්නවා. නර්තනය පැත්තෙන් මගේ ඥාති සහෝදරියක් වෙන නවෝ දිසනායක ඉන්නවා. මගේ අම්මාගේ මල්ලි කෙනෙක් තමයි ශේන් සිං කියන්නේ. ඔහු කණ්ඩායම් සංගීතය හරහා ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. අද වෙන කොට ඔහුගේ ගීත බොහෝමයක් තියෙනවා ජනප්‍රිය වුණ.

Advertisement

ඉදිරි ඉලක්ක මොනවද මිනුරිගේ?

Advertisement

අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් මගේ අදහස තියෙන්නේ දක්ෂ ඉංජිනේරුවෙක් වෙන්න. ඒ වගේම මම කැමතියි මිස් ශ්‍රී ලංකා වගේ ලොකු පැජන්ට් එකකට ඉදිරිපත් වෙලා ජයගෙන ජත්‍යන්තර ජයග්‍රහණයක් මගේ රටට ගෙන එන්න.

Advertisement

බුද්ධික සේනාධීර

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *