Latest Articles
Search

තාත්තා මාවවත් මම තාත්තවත් දැකලා නැහැ එයා ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවි පිදුවා

249

මේ දිනවල ගොඩක් දෙනෙක්ගේ ආදරය ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයක් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය කියන්නේ. ඒ නාට්‍යය තුළින් ක්ෂේත්රයේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් විදිහට අද වෙද්දි ප්‍රේක්ෂකයන් අතරට ආපු දක්ෂ කලාකාරිණියක් ගැන තමයි අපි ඔබට කියන්න යන්නේ. ඇය නමින් ඉසුරින්දි පියසේකර. ඇගේ පළමු ටෙලි නාට්‍යය තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය කියන්නේ.ඒ අත්දැකීම ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

Advertisement

මේක මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය තමයි හැබැයි මට අවුරුදු දහයේදී මම ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් ලෙසින් මා අද ක්ෂේත්‍රයට ආවා. ඒ සිරස රූපවාහිනී නාලිකාව හරහා. පුන්චි කාලේ මම ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් මාධ්‍ය ආයතන කීපයකම වැඩ කළා. පසුව මම ප්‍රවෘත්ති  වාර්තාකාරිනිය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට නැවත සිරස ආයතනයට සම්බන්ධ වුණා. දැන් මම නිවේදිකාවක් විදිහට කටයුතු කරන්නේ නැහැ”

Advertisement

ඒ විදිහට අදහස් දක්වන මේ සුන්දර කලාකාරිනිය ට කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය යෙහෙනි කියන චරිතය ද  අද වෙද්දි ගොඩක් ප්‍රේක්ෂක ආදරය ලැබිලා තියෙනවා. ඇය රංගනයේ යෙදෙන්න ක්ෂේත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා සමඟයි. ඉසුරින්දි කියන්නේ ශලනි කියන්නේ ඇයගේම සහෝදරියක් වගේ අක්කා කෙනෙක් කියලා. මොකද ඇයට රංගනය පිළිබඳව ගොඩක් දේවල් හදාගන්න අවවාද අනුශාසනා  ශලනි ගෙන් ලැබෙන නිසයි. ඉසුරින්දි ජීවත් වෙන්නේ රත්නපුර. ඇය රත්නපුර ෆර්ගසන් උසස් විදුහලේ තමයි ඉගෙන ගන්නේ. පවුලේ විස්තර සහ ජීවිතයේ ඇය මුහුණ දීපු කටුක මිහිරි අත්දැකීමක් පිළිබඳව ඉසුරින්දි  කීවේ මේ වගේ කතාවක්.

Advertisement

මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා අක්කා සහ මම මගේ තාත්ත අද ජීවතුන් අතර නැහැ. ඒත් අදටත් මගේ තාත්තා හිතින් හැමදාමත් අපි එක්ක ඉන්නවා කියලයි මට හිතෙන්නේ. තාත්ත රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවෙක්. ජය සිකුරු මෙහෙයුමේ දී  තාත්තා රට වෙනුවෙන් දිවි පිදුවා. ඇත්තටම කිව්වොත් තාත්ත මාව වත් මම තාත්තව වත් දැකලා නැහැ තාත්තා නැතිවුණේ මම ඉපදුනු අවුරුද්දෙම අප්‍රේල් මාසයේදී.”

Advertisement

ඉතින් ඇය තාත්තාගේ සෙනෙහස අහිමි වෙච්චි දැරියක් නමුත් ඇගේ තාත්තා රට වෙනුවෙන් දිවි පුදපු උතුම් වීරෝදාර රණ විරුවෙක්. එවැනි රණවිරුවකුගේ ආදරණීය දියණියකට තවත් බොහෝ කාලයක් කලා තරුවක් වී කලා ලෝකය තුළ බැබළෙන්නට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *