රෝමියෝ ජුලියට් වගේ හිටිය කලිදු මනීෂා ආදරයට මොකද වුණේ ?

714

මනීෂා චංචලා කියන්නේ පුංචි තිරය තුලින් ආධුනික රංගන ශිල්පිනියක් විදිහට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගන්න සමත් වෙච්ච දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන කතා කරන විට මනීෂා කියන චරිතයෙන් මුලින්ම එන්නේ ගායිකාවක් විදියටයි. නමුත් පසුකාලීනව ඇයගේ ගායන කුසලතාවය ට වඩා රංගන කුසලතාවය කැපී පෙනෙන නිසා බොහෝ අධ්‍යක්ෂවරුන් යටතේ දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නිර්මාණත් එක්ක එකතු වෙන්න මනීෂට අවස්ථාව උදාවුණා.

Advertisement

මනිෂද් ගැන කතා කරද්දී තවත් කතා නොකරම බැරි චරිතයක් තමයි ඇය හදවතින්ම ආදරය කරපු කලිදු කරුණාරත්න. කලිදු කියන්නේ සම්මානනීය නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තිය තුළින් ජනතා හදවත් දිනා ගත්තු ආදරණීය චරිතයක්. ඒ වගේම ඔහු අති දක්ෂ රූපවාහිනියෙ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් විදිහටත් වැඩ කටයුතු කළා.

Advertisement

ඉතින් මේ සුන්දර කලාකරුවන් දෙදෙනා ගැන කතා කරන විට ඔවුන් දෙන්නා ආදරවන්තයන් බවට පත්වෙලා හිටියා කියන්න බොහෝ දෙනෙක් දන්නවා. ගොඩක් අය කිව්වෙ කළිඳු සහ මනීෂා කියන්නේ හරිම ලස්සනට ගැලපෙන ජෝඩුවක් කියලයි. සමාජ මාධ්‍ය පුරාවටම ඔවුන් දෙදෙනාම හරිම ආදරණීය ඡායාරූප පවා හුවමාරු කරගෙන තිබුණා. තවත් බොහෝ දෙනා කටකතා හදලා  කියන්න පටන් ගත්තා කලිදු සහ මනිෂා  විවාහ වෙලා හිටියත් කියලා. ඒ සියලුම කටකතාවක් මැද්දෙ වුණත් ඔවුන් ඔවුන්ගේ ආදර කතාවට වටිනාකමක් දෙන්න අමතක කළේ නැහැ.නමුත් පසුගිය කාල වකවානුව තුළදී  අපිට බොහෝ ආරංචි මාර්ගවලින් ඇහෙන්න පටන් ගත්තා කලිදු සහ මනිෂගේ මේ ප්‍රේම සම්බන්ධතාවය ට තිත තියලා කියන ආරංචිය.

Advertisement

ඒත් මේ තත්ත්වය පිළිබඳව හරියාකාර තීරණයක්  තවම ඔවුන් සඳහන් කරලා නැහැ.ඒ විදිහට දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැති වුණාට පසුගිය දවසක කලිදු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ආදරය පිළිබඳව කලකිරුණු සටහනක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සටහන තුළින් වැඩිදුරටත් කළිඳු සඳහන් කරලා තිබුණේ ආදරය ඉදිරියේ අවංකව බැඳෙන සෑම කෙනෙක්ටම කිසිවිටෙකත් හැරදාලා යන් නැති සදාතනික සෙවනක් මුණ ගැසේවා කියන උදාර ප්‍රාර්ථනයයි.  ඉතින් ඔවුන් මේ වන විට වනවිට  වෙන් වෙලා කටයුතු කරනවා නම්  එ සියලුම ප්‍රශ්න ගැටළුව හොඳින් නිරාකරණය වී දෙදෙනාගේම ජීවිත ආලෝකමත් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන අතර කලිදු  ඒ ආකාරයෙන් උපුටා දැක් වූ සටහන පහතින් දක්වා ඇත.

Advertisement

 

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *