Latest Articles
Search

ජාත්‍යන්තර සහාය අවශ්‍යනම් මානව හිමිකම්වලට ගරු කරන්න-රනිල්ට යුරෝපා සංගමයෙන් අවවාදයක්

269

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය සහ ජාත්‍යාන්තර  මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අවශ්‍යනම් මානව හිමිකම් සහ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට රජය කඩිනමින් පියවර ගතයුතු බවට යුරොපා සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා තිබේ.

යුරෝපා සංගමයේ  මෙරට නියොජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී යුරොපා සංගම් බලධාරීන් මේ බව අවධාරණය කර ඇත.

Advertisement

එම සංවිධනය ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව විශේෂ ට්විටර් සටහනයක් තබමින් මේ බව සඳහන් කර තිබිණි.

Advertisement

 

Advertisement

මෙහිදී යුරොපා සංගමය විසින් පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් සිවිල් අයිතීන්  ආරක්ෂා කිරීම භාෂණයේ සහ විසම්මුතියට ඇති අයිතීන් ආරක්ෂා කිරීම අන් සියල්ලටම වඩා වැදගත් බවයි.

Advertisement

ඒ අනුව තමන් ශ්‍රී ලංකාව මීට අදාල නිසි මාර්ගයට යොමු කරනු ලබන බවත් ඊට අදාල ක්‍රියාවලියකට උපරිම සහය දෙන බවත් යුරොපා සංගම් නියෝජතයින් පවසා ඇත.

Advertisement

මෙහිදී ජනාධිපතිවරායාට ජාත්‍යන්තර සම්බන්ධතා වලට අදාලව ප්‍රධාන කරුණු තුනකට  අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කර ඇත.

Advertisement

ඒ අනුව ජී.එස්.පී ප්ලස් බදු සහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ ජගත් මනව හිමිකම් කවුන්සිලයේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද යුරොපා සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

Advertisement
Source:Lankasara

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *