Latest Articles
Search

පොදු රද මඩුලු උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන්ට

217
22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර සියය පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා සතු වුනා.
ඒ අවසන් තරගයේදී තත්පර 10.02 කාලයකින් ඉසව්ව නිමා කරමින්.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක මීටර 100 අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වන යුපුන් අභයකෝන් මේ තරගය නිමා කළේ  තුන්වැන්නා ලෙසටයි.

යුපුන් අවසන් තරගය නිමා කිරීම සඳහා වැය කර තිබූ කාලය තත්පර 10.14ක්.

Advertisement

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි  යුපුන් අබේකෝන් මේ අනුව ඉතිහාසගත වන්නේ .

Advertisement
අවසන් තරගයේ දෙවැනි ස්ථානය සතු කර ගත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මකානි සිම්බිනි විසින්.

ඔහු අවසන් තරගය නිමා කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.13 ක්.

Advertisement

මේ අතර තම ජයග්‍රහණය සම්බන්ධයෙන් යුපුන් අබේකෝන් සිය ෆේස් බුක් ගිණුමේ ද සටහනක් තබා තිබෙනවා.

Advertisement

“මට දැන් දැනෙන හැඟීම පැහැදිලි කරන්න වචන නෑ” යනුවෙන් ඔහු එම සටහන ආරම්භ කර තිබුණා.

Advertisement

මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් දැවැන්ත සිදුවීම්වල ආරම්භය පමණක් වන අතර තමා අඛණ්ඩව වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි ඔහු එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

Advertisement

තමා ගැන බලාපොරොත්තු තබාගෙන රැඳී සිටි සියලුදෙනාට ද යුපුන් අබේකෝන් සිය කෘතඥතාව පළ කරනවා.

Advertisement

Advertisement
Source:Hirunews

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *