Latest Articles
Search

පෙළපාලි සඳහා ළමුන් රැගෙන යන්න එපා – ජාතික ළමාරක්ෂණ අධිකාරිය

144

මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමයින් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන් සහ භාරකරුවන් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Advertisement

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති උදය කුමාර අමරසිංහ පෙන්වා දෙන්නේ මේ දිනවල පැවැත්වෙන විරෝධතා සඳහා විවිධ පාර්ශව විසින් ළමයින් සහභාගි කර ගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි බවයි.

Advertisement

ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, එවැනි අවස්ථා සඳහා ළමයින් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික හා මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙනවා.

Advertisement

මේ අතර, ජිවන වියදම ඉහළ යාම මුල් කර ගනිමින් අදත් විරෝධතා ක්‍රියාත්මක වුණා.

Advertisement

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා පැවැති අතර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්තලම – කුරුණැගල මාර්ගයේ වානවීදිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට තවමත් විරෝධාතාකරුවන් රැඳී සිටින බවයි එහි සිටින වාර්තාකරු සඳහන් කළේ.

Advertisement

එසේම, බේරුවල චින කොටුවේ පිහිටි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මර්ජන් ෆලීල් ගේ නිවස ඉදිරිපිට ද ඊයේ විරෝධතාවයක් පැවැති අතර, ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට පොලිසිය කළ දැනුම් දිමත් සමඟ උණුසුම් තත්ත්වක් හට ගත්තා.

Advertisement

පසුව මන්ත්‍රිවරයාගේ නිවසට විරෝධාතාකරුවන් ගල් ප්‍රහාර ද එල්ල කර බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Advertisement

එසේම අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේනගේ කාර්යාලයට , රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ නිවසට, සහ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ කාර්යාලයට පහරදිමේ සිද්ධින් වලට අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු අධිකරණය අද ඇප මත මුදා හැරියා.

Advertisement

මේ අතර රාජ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ද අද විරෝධතා පැවැත්වුණා.

Advertisement

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් අද පෙරවරුවේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

Advertisement

මහරගම නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ද අද දහවල් විරෝධතාවයක නිරත වු අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ද විරෝධතා වාර්තා වුණා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *