Latest Articles
Search

භාරකාර ආණ්ඩුවේ ජනාධිපති තනතුරට හර්ෂ ද සිල්වා ?

268

වත්මන් දේශපාලන ආර්ථික අර්බුද හමුවේ අද (06) දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව රැස් වුණා.

Advertisement

එහි දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

Advertisement

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරය දෙවරක් ම කල් තැබීමට කතානායකවරයාට සිදු වුණා.

Advertisement

එහි දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය කරුණු දැක්වීම අතරතුර දී විශේෂ අදහසක් පළ කළා.

Advertisement

ඔහු පැවසුවේ, වත්මන් අර්බුද විසඳා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් වනවා නම්, එහි ජනාධිපති තනතුරට ආචාර්‍ය හර්ෂ ද සිල්වා සුදුසු බව යි.

Advertisement

මෙය හුදෙක් ම තම පෞද්ගලික මතයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Advertisement

හර්ෂ ද සිල්වාට ආර්ථිකය පිළිබඳ මනා දැනුමක් ඇති බවත් තරුණයකු වන බවත් යන කරුණු මත ඔහු එවැනි තනතුරකට සුදුසු බව යි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Advertisement

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *