Latest Articles
Search

ජනාධිපති උපදේශක කණ්ඩායමට සමාජිකයන් පත් කෙරෙයි

178
බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳව තුන් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති උපදේශක කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කර තිබෙනවා.

Advertisement

ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළත්.

Advertisement

මීට අමතරව ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් සහ ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ෂාර්මිනි කුරේ එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්.

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ එම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Advertisement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් ලබාදීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි.

Advertisement

එම නිවේදනය පහතින්

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *