Latest Articles
Search

කාන්තාවක් විදිහට ඇයි ඔබ පිරිමියා මතම යැපෙන්නේ. ඔබ ආර්ථික වශයෙන් ස්ථාවර විය යුත්තේ ඇයි?

137

අපේ රටේ ශ්රම බලකායට විශාල අවාසියක් වන ලෙස උගත් කාන්තාවන් පවා බහුතරය ආර්ථිකයට වටිනාකමක් එකතු කිරීමෙන් වැලකිලා පූර්ණ කාලීන ගෘහනියන් බවට පත් වෙනවා. එයට හේතු වෙන්නේ දරුවන් හදා වඩා ගැනීමේ වගකීම් කාන්තාවන් වෙත 100% ක් පැවරීම නිසා වගේම සාමාජීය ආකල්ප නිසා බවත් කියන්න පුළුවන්. රටේ කාන්තාවන් ආර්ථිකව ස්වාධීනව සිටීමේ වැදගත්කම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින Goodhousekeeping.lk වෙබ් අඩවිය අද කතා කරන්නේ කාන්තා ඔබ ආර්ථිකව ස්වාධීන වීමේ වැදගත්කම පිළිබඳවයි.

Advertisement

1. ඔබට ස්වයන් වටිනාකමක් ලැබීම

මුදල් වටිනාකම ඔබේ ආත්ම විශ්වාසය සමඟ බැඳී ඇත. තමන්ට සහ තම පවුලට සහයෝගය දැක්වීමේ හැකියාව ඇති කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය හා පෞද්ගලික සම්බන්ධතාවන්හි ගෞරවය හා සමානාත්මතාවය පාලනය කිරීමේ හැකියාවද ඇත.

Advertisement

2. අපිට හදිසියේ වෙන දෙවල් වලට සාර්තකව මුහුන දෙන්න

අපිට කවදාවත් හෙට ගැන අනාවැකි කියන්න බෑ. හොදම දේ හෙට අපිට මොනවා උනත් ඒ දේට මුහුණ දෙන්න සූදනම්ව ඉන්න එකයි . රැකියාවක් හෝ අදායම් මාර්ගයක් නැති කාන්තාවකට දික්කසාදයක්, මරනයක්, රැකියා අහිමි වීම් හෝ මරාන්තික ලෙඩක් කියන අවසානාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිද්ද වුනොත් එයාලට ඒක කරන්න ගොඩක් අමරු වෙනවා. මෙතනදි අඩුම ගානෙ ඔබට අවුරුද්දක් වත් ජීවත් වෙන්න ඔබෙ ඉතුරුම් තියනවානම් හොදයි, ඒත් එහෙමත් නැත්තම්????

Advertisement

තමන්ගෙ සැමියාගෙ රැකියාව සහ ඔහුගෙ මුදල් මතම යැපෙන්නෙක් වෙන්නෙ නැතුව තමන්ට ආදයම් මාර්ගයක් තිබේ නම් ඕනෙම දේකට ඔබට සාර්තකව මුහුන දෙන්න හැකියාවක් ලැබෙනවා.

Advertisement

3. අනුන් මත යැපෙන්නකු වෙන්න එපා.

Domestic Violence එහෙමත් නැත්තම් ගෘහස්ත හින්සනය අද ලන්කාවෙ විතරක් නෙවෙ ලොකෙ හැම තැනම තියන දෙයක්. මම දන්න මට මුන ගැහුන සමහර කාන්තාවන් ඉන්නවා. ඔවුන්ට තමන්ගෙ ස්වාමියාගෙන් අයින් වෙන්න ඕන උනත් ගුටි කාගෙන අසතුටෙන් ඔවුන් ඒ මත්තෙම ඉන්නවා. තමන්ගෙ මහත්තයට වෙනත් සම්බන්දකම් තියනවා කියලා දන්නවා. ඒත් දාල යන්න විදියක් නෑ. හේතුව ඔවුන් ආර්තික වශයෙන් ස්තාවරයක නැහැ. ගොඩක් වෙලාවට ගෑනිගෙ මේ අසරනකම දන්න මිනිස්සුත් ඔවුන්ව තව දුරටත් හිංසාවට ලක් කරනවා. එමනිසා සෑම කාන්තාවක්ම ජීවිතයේ අසරණභාවයට පත් නොවන පරිදි මූල්යමය වශයෙන් ස්වාධීන වීම අතිශයින්ම වැදගත්ය.

Advertisement

4. ඉහළ යන ජීවන වියදම සපුරා ලීමට

අප කවුරුත් දන්නා පරිදි උද්ධමනය පසුගිය දශක කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. හොඳ නිවසක් හිමි කර ගැනීම සඳහා, ඔබේ දරුවන් හොඳ පාසලකට යවා සාමාන්ය ජීවන තත්වයකට වඩා ඉහළින් ජීවත් වීම සඳහා එක්කෙනක් ඉපයීම තව දුරටත් ප්රමාණවත් නැහැ. එබැවින් සැමියා සහ බිරිද යන දෙදෙනාටම අදායම් මාර්ග තියන පවුල් වඩා සාර්තකව මෙම ආර්ථික ගැටලු වලට මුහුන දෙන බව සොයා ගෙන තිබෙනවා. මූල්යමය වශයෙන් ස්වාධීනව සිටින කාන්තාවන්ට ගෘහස්ථ එදිනෙදා වියදම් සඳහා දායක වීම පමණක් නොව, පවුලේ මූල්ය අරමුණු සපුරාලීමටද හැකියාවක් ලැබෙනවා.

Advertisement

5. ඔබෙ දරුවන්ට හොද රොල්-මොඩල් කෙනෙක් වෙන්න

ස්ත්රී පුරුෂ භාවය සමාජය විසින් නිර්මාණය කරන ලද්දක් බවත්, කාන්තාවන් දැඩි ආත්ම අභිමානයකයින් යුක්ත පිරිසක් බවත් යන වග ඔබේ දරුවාට පෙන්වන්න. දරුවන් දකින දෙයින් ඉගෙන ගන්නවා. දරුවන් තම මව්වරුන් මූල්යමය වශයෙන් ස්වාධීන බව දුටුවහොත්, ඔවුන් මුදල්වල වටිනාකම ද වටහා ගන්නා අතර ඔවුන් වැඩෙන විට ජීවිතයේ ස්වයංපෝෂිත වීමට පෙළඹෙනු ඇත.

Advertisement

6. ඔබේ සහකරුගෙ පීඩනය ඉවත් කිරීම

ප්රායෝගිකව කිවහොත්, මුළු පවුලකටම තනි ආහාර සැපයුම්කරුවෙකු මත යැපීම මූල්යමය වශයෙන් අසාධාරණ ය. එය ඉපැයීමේ සාමාජිකයාට විශාල පීඩනයක් එල්ල කරනවා. කිසියම් අර්බුදයක් ඇති වුවහොත් යැපෙන සාමාජිකයන් කෙරෙහි අවිනිශ්චිතතාවයක් ඇතිවෙනවා. එමනිසා හැකි සෑම විටම තම සහකරුට ආර්ථික වශයෙන් ශක්තියක් වීමට අපටද යුතුකමක් තියනවා.

Advertisement

භාග්යා හල්ගොල්ල

Advertisement

goodhousekeeping

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *