Latest Articles
Search

ඔබගේ ඔසප් වීම අක්රමවත්ද?

264

හැම කාන්තාවක්ම එකිනෙකාගෙන් වෙනස්. මාසික ඔසප් වීමත් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. සාමන්යයෙන් දින 24 ත් 38 ත් අතර ඔසප් වීම සිදු වෙනවා. නමුත් ඇතැම් කාන්තාවන්ගේ ඔසප් වීම සමහර මාස වල සිදු වෙනවා. සමහර මාස වල සිදුවෙන්නේ නැහැ. හැදෙන දිනයක් ගැන අනාවැකි පල කරන්න බැහැ. ඒ වගේ වෙලාවට කියනවා ඔසප් අක්රමවත් කියල. අද අපි ඒ සම්බන්ධයෙන් ක්රියා කරන හැටි ගැන ඉගෙන ගමු.

Advertisement

අක්රමවත් ඔසප් වීමක ලක්ෂණ මොනවාද ?

  • ● ඔසප් වීම් දෙකක් අතර කාලය වෙනස් වීම. නිශ්චිත දිනයක් නොමැතිව දින මාරු වීම.
  • ● සාමන්ය රුධිර ප්රවාහය මාසෙන් මාසෙට වෙනස් වීම. ඇතැම් මාස වල වැඩියෙනුත් ඇතැම් මාස වල අඩුවෙනුත් රුධිරය පිට වීම.
  • ● ඔසප් පවතින දින ගණන වාරයෙන් වාරයට වෙනස් වීම.

අක්රමවත් ඔසප් වීමට හේතු ගොඩක් තිබෙනවා. ඔබේ සිරුරේ තිබෙන ඊස්ට්රජන් සහ ප්රොජෙස්ටරෝන් හෝර්මෝන දෙක වෙනස් වීම තමයි ඔසප් වීමේ ස්වභාවයට හේතු වෙන්නේ. අලුත මල්වර වුන ගැහැණු දරුවන් සහ අර්තවාහරණය සිදුවීමට ආසන්න ගැහැණු හට අක්රමවත් ඔසප් ඇතිවෙන්නේ මෙන්න මේ නිසයි.

Advertisement

ඔසප් අක්රමවත් වීමට ඇති වෙනත් හේතු

  • ● IUD උපකරණයක් ප්රජනන පද්ධතියේ තැම්පත් කර තිබීම ( ලූප් )
  • ● උපත් පාලන පෙති සහ වෙනත් ඖශධ ලබා ගැනීම
  • ● අධිකව ව්යායාම කිරීම
  • ● Polycystic ovary syndrome (PCOS)
  • ● ගැබිණි වීම සහ මවු කිරි දීම
  • ● මානසික පීඩනය
  • ● තෛරොයිඩ් ග්රන්ථියේ අසමානතා පිහිටීම
  • ● ගර්භාෂ බිත්තියේ ගෙඩි හටගැනීම සහ වෙනත් රෝග

බෙහෙත් ගන්න යන්නේ නැතිව ඉන්න එපා

මේ තත්වය සුළුවෙන් සිතා මගහැරිය යුතු තත්වයක් නොවේ. සමහරවිට ඔබේ සිරුරේ හැංගිලා තිබෙන රෝගයක පෙරනිමිත්ති කිවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා පළමුව වෛද්ය වරයෙක් හමු වෙලා අක්රමවත් වෙන්න හේතු හඳුනාගෙන නිසි ලෙස ප්රතිකාර කරන්න ඕනේ. සිරුරේ හෝර්මෝන සමතුලිත කරවීම තමයි අරමුණ.

Advertisement

මේ තත්වය ඔබ පාවිච්චි කරන උපත් පාලන ක්රමය නිසා හටගෙන නම් ඔබේ වෛද්ය වරයා විසින් වෙනත් උපත් පාලන ක්රමයකට ඔබව මාරු කරාවි.

Advertisement

ඔබේ ඔසප් වීම අක්රමවත් වීමට ඔබ අධිකව ව්යායාම කිරීම හේතු වෙනවා නම් ඒ ගැනත් නැවත හිතල වෙහෙසීම අවම කර ගන්න පුළුවන්. ඒ වගේම මානසික පීඩනය නිසා මේ තත්වය ඇති වෙනවා නම් වහාම සුදුසුකම් ලත් මනෝ උපදේශකයෙක් හමු වන්න . කල් ඇරීමෙන් දැඩි මානසික පීඩනය නිසා මුළු සිරුරම විනාශ විය හැකියි.

Advertisement

ඔබේ සිරුර අධි බරෙන් යුතු නම් ඔසප් වීම අක්රමවත් වෙන්න එයත් හේතු වෙනවා. ඒ වගේම ඉතා වේගයෙන් බර අඩු කිරීමත් මෙසේ වීමට හේතු වෙනවා. බර අඩු කරගන්නවා නම් වෛද්ය වරයෙක් හමු වෙලා උපදෙස් මත සැලසුම් කිරීම තමා විය යුත්තේ. සෞක්යයට හානිකර ක්රම මගින් වේගයෙන් බර අඩු කර ගැනීම නම් සුදුසුම නැහැ.

Advertisement

ඔසප් අක්රමවත් නම් ගර්භනී වෙන්න අසීරුයි

ඔසප් චක්රය අක්රමවත් කාන්තාවන් බහුතරය මද සරු භාවය නිසා පීඩා විඳිනවා. හෝර්මෝන ප්රතිකාර සහ සැත්කම් මගින් ඔබට දරු සම්පත් ලබා දීමට තරම් වෛද්ය විද්යාව අද දියුණුයි. උපතින් ඇති ප්රජනන පද්ධතියේ අසමානතා නොතකා දරුවන් ලබන්න බොහෝ මවු / පිය වරු අද වාසනාවන්තයි.

Advertisement

මේ අවස්ථා වල නොපමාව වෛද්ය වරයෙක් හමු වෙන්න

  • ● ඔබට වසරකට තුන් විටක් හෝ හතර විටක් මාස් ශුද්ධිය මගහැරෙනවා නම්.
  • ● දින 21 කට වඩා අඩු කාලයකදී නැවත මාසික ඔසප් වීම සිදු වෙනවා නම්.
  • ● අධික රුධිර වහනයක් දැකිය හැකි නම්
  • ● ඔබේ ඔසප් වීම දින 7 කට වඩා වැඩි නම්
  • ● සාමන්ය අවස්ථාවට වඩා අධික වේදනාවක් ඔබට දැනෙනවා නම්

Source:Goodhousekeeping

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *