Latest Articles
Search

ඉන්ධන හා ගෑස් දෙනකොට සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව දෙන්න

148
ඉන්ධන සහ ගෑස් ලබා දීමේදී සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ප්රමුඛතාව ලබා දෙන්නැයි සංචාරක අමාත්යවරයා විෂයභාර අමාත්යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ පිළිබඳව ඉන්ධන සහ ගෑස් අලෙවි මධ්යස්ථාන දැනුවත් කරන ලෙස ද ප්රසන්න රණතුංග මහතා වැඩිදුරට ත් ඉල්ලා සිට ඇති බව සංචාරක අමාත්යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යංශය සඳහන් කළේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන සහ පුද්ගලයින් වෙත ඉන්ධන සහ ගෑස් ලබාදීමේ ප්රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසා දෙන ලෙසට ප්රසන්න රණතුංග මහතා ඉල්ලීමක් කර ඇති බව ය.
මෙම වසර තුළදී සංචාරකයින් 235,000කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයින් 50,000කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.
Source:mawbima

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *