Latest Articles
Search

රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවයි

95

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.

Advertisement

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Advertisement

එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ (10) නිවේදනය කළේය.

Advertisement

මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Advertisement

මේ අතර විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගීන් 75 දෙනෙකුට පමණක් සීමා කිරිමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කර තිබුණි.

Advertisement

Adaderana.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *