ශ්රී ලංකා යුද හමුදා දෙවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ප්රභූ ආරක්ෂක ඛණ්ඩයේ සේවයේ නිරතව සිට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් යුක්රේන හමුදා සේවයට එක්වූ ළහිරු කාවින්ද හතුරුසිංහ සටන් බිමේදී මිය ගොස් ඇති බව සංදේශය සංස්කාරක Saroj Pathirana අද දින (04) වාර්තා කර තිබේ.
යුක්රේන් ජනාධිපති සෙලෙන්සිකි විසින් පසුගියදා ළහිරු කාවින්ද හතුරුසිංහට වීර සෙබළ පදක්කම පැළඳවූ බවද දැන ගැන්මට තිබේ.ඉන් අනතුරුව ඔහු යුක්රේන් හමුදාවේ ඛන්ඩ අණදෙන නිළධාරියෙකු ලෙස කටයුතු කෙරුවේය
“මම කමාන්ඩෝ රෙජිමෙන්තුවට බැඳුනෙ ආශාවයි රැකියාවක් කිරිමේ අවශ්යතාවයි නිසා.අපොස උසස්පෙළ විභාගයට ලියල ප්රතිඵළ එන්න ඉස්සරවෙලා මම කමාන්ඩො රෙජිමෙන්තුවට බැඳුනෙ.ඒ ප්රතිඵළයට අනුව මම ඉහළින් සමත් වෙලා තිබුණා.ඒ ප්රතිඵළ දුටුව මගේ හමුදා ඡ්යෙෂ්ඨයන් මට පැවසුවෙ අපරාදෙ උඹට නිළධාරියෙක් ව්දියට හමුදාවට බැදෙන්න තිබුණා කියලා.එ්ත් විදේශ රටක හමුදා සේවයට බැදෙන්න ඕනය කියන අදහසක් මට තිබුණා.මිනිස්සු විදියට හැම දෙනාම එක වගේ නොවෙයිනේ.මගේ කැමැත්තයි ආසාවයි තමයි මේ.මම කුලී හමුදා භටයෙක් විදියට හිතන්නෑ.මොකද මම මුදලට වඩා මේ කැපකිරීම ගැනයි විශ්වාස කරන්නෙ..”
ළහිරු කාවින්ද හතුරුසිංහ මිය යාමට පෙර සංදේශය සමග එක්ව සරෝජ් සමග පවසා තිබුණි.මීට පෙර යුක්රේන් හමුදාවේ කපිතාන් වරයකු ලෙස සේවය කළ රනේෂ් හේවගේට සටන් බිමේදී වෙඩි වැදී මිය යාමෙන් පසුව රුසියානු ප්රහාරයන් නොතකා අභීතව එම මෘත දේහය රැගෙන ඒමට පවා හතුරුසිංහ සමත් විය.
ඔහුගේ දේහය මෙි වන විට යුක්රේන ප්රාන්ත කඳවුරක හමුදා ගෞරවය සඳහා තබා අැති බවත් එය ලංකාවට ගෙන ඒම පිළිබඳව යුක්රේන බලධරයන් ඔහුගේ දෙමව්පියන් සමග සාකච්ඡා කරමින් සිටින බවද පැවසේ.
අවුරුදු 27 ක් වයසැති ළහිරු කාව්න්ද හතුරුසිංහ ගේ පියා විශ්රාමික ගුවන් හමුදා නිළධාරියෙකි.
මිනිසුන් විවිධය.එකිනෙකාගේ ආශාවන් හා සතුටද විවිධාකාරය.කෙනෙකු ළහිරු මෝඩයෙක් ලෙසටද තව අයෙකු වීරයෙක් ලෙසටද ඇගයීමකට ලක් කරන්නට පුළුවන.එ් එකිනෙකා සිතන පතන විදිය අනුවය.ළහිරු කාවින්ද හතුරුසිංහ තමන්ට ඕනෑ විදියට ජීවිතය වින්දේය.ඔහුගේ මරණය සිඳු වන්නේද ඒ විඳීම තුළදීමය.


















