ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ඉන්දියාවේදී කොරෝනා වසංගතයෙන් මිය ගිහින්

97

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Advertisement

අමාත්‍යවරයා mawbima.lk වෙබ් අඩවියට පැවසුවේ, නවදිල්ලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු සහ රාජස්ථාන්හිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනාවෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

Advertisement

රාජස්ථාන්හිදී මරණයට පත්වූ එක් පුද්ගලයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Advertisement

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ඉන්දියාවට ගොස් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

Advertisement

මේ අතර, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පැවසීය.

Advertisement

ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවය.

Advertisement

කෙසේ වෙතත්, ඔවුන් දූරස්ථව සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Advertisement

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උප කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවය.

Advertisement

මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසුවේ, විවිධ හේතු මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවය.

Advertisement

Mawbima.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *