Latest Articles
Search

මුව ආවරණ දෙකක් දාන්න – රාජ්‍ය ඇමැති සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ

104

නිවසින් එළියට යෑමේදී මුව ආවරණ දෙකක් පළඳින ලෙසත්, ඉදිරි සති 4 තුළදී එක් අයකු පමණක් නිවසින් බැහැරවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Advertisement

රාජ්‍ය ඇමැතිවරිය මේ බව පැවසූයේ චීන ජනරජයෙන් ආධාරයක් ලෙස ලැබුණු සයිනොෆාම් එන්නත පෙරේදා (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ජනතාවට ලබාදීමේ ආරම්භක වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

Advertisement

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

Advertisement

“පසුගිය දින හතර පහ ඇතුළත රෝගීන් වාර්තා වෙන්නේ 1800 ත් 1900 අතර ප‍්‍රමාණයකින්. ජනතාවගෙන් අපි තවමත් ඉල්ලා සිටින්නේ පරිස්සම් වුණොත් මේක නතර කරගන්න අපිට පුළුවන්.

Advertisement

එළඹෙන සති හතර ඇතුළත එක් අයෙක් පමණක් එළියට යන්න. මුව ආවරණ දෙකක් පළඳින්න කියන එකයි අලූත්ම නිර්දේශය. සෙනඟ ගැවසෙන තැන් මඟ හරින්න.

Advertisement

තමන් පී. සී. ආර්. කරපු කෙනකු ආශ‍්‍රය කළා කියලා හිතනවා නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කරලා ස්වයං නිරෝධායනය වෙන්න. පී. සී. ආර්. කරපු අය එළියට යන්න එපා.

Advertisement

රෝහල් ධාරිතාව, අයි.සී.යූ. ධාරිතාව, ඔක්සිජන් ධාරිතාව, එච්ඞීයූ ධාරිතාව වැඩිකරන්න රජය කටයුතු කර තියෙනවා. ජනතාව මේ ධාරිතාව ගැන ගැන ඉන්නෙ නැතුව ගෙදරට වෙලා පරිස්සම් වුණොත් මේක වළක්වා ගන්න අපට තවමත් බැරිකමක් නැහැ.

Advertisement

මේ වන විට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත‍්‍රික්කවලින් සහ මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවලින්. රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී වසම් තෝරාගෙන ලොක්ඩවුන් කිරීමට කටයුතු කරනවා. දැනට වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය අනුව මුළු රටම ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ.

Advertisement

රෝගය පාලනය කරගන්න හොඳම ක‍්‍රමය එන්නත්කරණය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 8 දා සයිනොෆාම් එන්නත අනුමත කරනු ලැබුවා. ශ‍්‍රී ලංකා ජාතික ඖ ෂධ නියාමන අධිකාරිය ජනතාවට එය ලබාදීමට අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව අවුරුදු 30ට වැඩි 60ට අඩු අයට ලබාදීමේ කටයුතු පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ආරම්භ කළා.

Advertisement

පානදුර ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණු ග‍්‍රාම නිලධාරී වසම් ඉලක්ක කරගනිමින් එන්නත ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා. ස්පුට්නික් එන්නතත් ලබාදීමට රජය කටයුතු ආරම්භ කර තිබෙනවා.

Advertisement

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *