දිවා රෑ නොතකා නිවාඩු නොලබා රාජකාරි කල පොලිස් නිලදාරින්ට පොලිස්පතිගෙන් සහනයක්

180
පොලිස් නිලධාරීන්ට මසකට අවම වශයෙන් දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම නිසා ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර එම කරුණු සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි කාර්යබහුලත්වය නිසා සමහර පොලිස් නිලධාරීන්ට මාසයක් තුළ එකදු නිවාඩුවක් වත් නොලැබී තිබුණු අවස්ථා පිළිබඳවද අමාත්‍යාංශයට වාර්තා වී තිබෙන බව සඳහන්.

පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් අසලට ද පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබූ අතර QR කේතය ක්‍රියාත්මක වීමත් සමඟම පොලිස් නිලධාරීන් සමහර ඉන්ධන පිරවුම්හල් අසලින් ඉවත් කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *