කොරෝනා රීති කැඩුවොත් ලැබෙන දඩුවම මෙන්න

87

දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Advertisement

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900කි.

Advertisement

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ නිරෝධායන රීති කඩ කිරීමට අදාළව මුහුණු ආවරණ නොපැළඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරදකරුවෙකු වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව ඇති බවය.

Advertisement

මේ අතර කොවිඩ් -19 අවදානම හේතුවෙන් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ජනතාව එම ප්‍රදේශය තුළම රැඳී සිටිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Advertisement

එමෙන්ම පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශය තුළට පැමිණීමට ද හැකියාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.

Advertisement

එසේ ගමන් කිරීමේ හැකියාව පවතින්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන සෞඛ්‍ය බලධාරීන්ට හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *