Latest Articles
Search

නාදුනන පුද්ගලයෙකු බසයේදී දුන් පානයට නින්ද ගිය තරුණියගේ රන් බාන්ඩ වලට විදලා

94

කොළඹ පිටකොටුව බස් නැවතුම්පොළෙන් අනුරාධපුර බලා ධාවනය වන බස් රථයකට ගොඩ වූ තරුණියකගේ රන් භාණ්ඩ සොරා ගැනීමක් පිළිබඳව පිටකොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

Advertisement

ඒ පසුගිය 24 වනදා ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙනි.

Advertisement

අදාළ තරුණිය පවසා ඇත්තේ, තමා බස් රථයේ අසුන්ගෙන සිටියදී තමා අසලින් අසුන්ගෙන සිටි පුද්ගලයෙකු යම් පානයක් දුන් බවත් ඉන්පසු නැවත අවදි වී තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේදී බවය.

Advertisement

එසේ අවදි වී බලන විට තමා සතු ස්වර්ණාභරණ සහ මුදල් නොමැති බව දැනගත් බව ඇය පොලීසියට පවසා ඇත.

Advertisement

රුපියල් 168,000 වටිනා ස්වර්ණාභරණ සහ මුදල් එලෙස සොරාගෙන ඇත.

Advertisement

අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බවය.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *