Latest Articles
Search

‘ඊළාම් ටයිගර්’ නමින් වට්ස්ඇප් ගෲප් එකක් හැදූ අයෙක් මිරිහානේදී බුද්ධි අංශ දැලේ

115

සිය ජංගම දුරකතනය තුළ ‘ඊළාම් ටයිගර්’ නමැති වට්ස්ඇප් ගෲප් එකක් පවත්වාගෙන යමින් මිරිහාන ප්‍රදේශයේ නිවෙසක රහසිගතව සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු හා ඔහුට නවාතැන් පහසුකම් සැලසූ බව කියන පුද්ගලයෙකු මිරිහාන පොලිස් බුද්ධි හා ආවේක්ෂණ අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Advertisement

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බව කියන උතුරු පලායි, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි ජෙයිතංගර් නිදර්ශන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුට නවාතැන් පහසුකම් සැලසූ බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. භානුක අසංක එරංග නමැති සැකකරුවන් දෙදෙනෙකි.

Advertisement

මිරිහාන පොලිස් ඒකක බුද්ධි අංශ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව මිරිහාන, කට්ටිය හන්දිය ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී පෙරේදා (අප්‍රේල් 26දා) පස්වරුවේ පොලිසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී එහි ‘ඊළාම් ටයිගර්’ නමැති වට්ස්ඇප් ගෲප් එකක් තිබූ බවට ද පොලිසිය හඳුනාගෙන ඇත.

Advertisement

අත්අඩංගුවට ගත් දුරකතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෝහාරික පරීක්ෂණ අංශය වෙත යවා ඇත.

Advertisement

මේ සම්බන්ධයෙන් විමසීමේදී මිරිහාන පොලිසියේ ප්‍රකාශකයෙක් කියාසිටියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එරංග නමැති සැකකරුවා මිරිහාන, කට්ටිය හන්දිය ප්‍රදේශයේ නිවෙසක කුලී පදනම මත රැඳී සිට ඇති බවත්ය.

Advertisement

ඔහු එහි රැඳී සිටින අතරතුර නිවසේ හිමිකරුවන්ට ද නොදන්වා ඉහත සඳහන් එල්.ටී.ටී.ඊ. සැකකරුවා එම නිවසේ රඳවා තබාගෙන සිට ඇති බවට කරුණු අනාවරණය කරගත් බව ද පොලිසිය පැවැසීය.

Advertisement

මිරිහාන අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක කුලරත්න බණ්ඩාර හා පොලිස් කොස්තාපල් කෝසල (82128) යන නිලධාරීන් සැකකරුවන් දෙදෙනා ඊයේ (27දා) නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් පන්දහස බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කෙරිණි.

Advertisement

එල්.ටී.ටී.ඊ. සැකකරුවා එම නිවෙසේ රැඳී සිට ඇත්තේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවකට ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *