හෙට සිට දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාවෙන් පිටවීම බස්රථ සහ ගිලන් රථවලට පමණයි

682

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.

එම තීරණය හෙට (28) උදෑසන සිට ක්‍රියාත්මකය.

කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.

එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *