Latest Articles
Search

කොවිඩ් නව ප්‍රභේදයෙන් ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම්

9691

මේ වන විට මෙරට තුළ පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පවසයි.

Advertisement

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ රට තුළ පවතින වෛරසය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

Advertisement

විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම ප්‍රවණතාවක් දක්නට ඇති බව ඔහු පෙන්වා දෙයි.

Advertisement

එමෙන්ම ගැබිණි මව්වරුන්ට වෛරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ පෙන්වීම ද වැඩි වී ඇති බව වෛද්‍යවරයා පැවසීය.

Advertisement

මේ වන විට දැඩිසත්කාර ඒකකවල ගැබිණි මව්වරුන් තිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

Advertisement

සෑම මොහොතක ගැබිණි මව්වරුන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීමට උත්සාහ කළ යුතු අතර, යම් හෙයකින් වෛරසය ආසාදනයවූ බවට ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරීම ඉතා වැදගත් බවත් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *