Latest Articles
Search

වෛද්‍යවරයාගේ සොහොයුරාට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නොමැතිව මිය යයි

1484

මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරකු කොවිඩ් ආසාදිතව සිටියදී දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මිය යාමේ පුවතක් මාවනැල්ල මූලික රෝහලෙන් ඊයේ 26 වැනිදා අනාවරණය වෙයි.

Advertisement

මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට 24 දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

Advertisement

පෙරේදා (25) මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

Advertisement

රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මි ය ගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.

Advertisement

කෑගල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිත සංකූලතා ඇති දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් තිදෙනකුට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒකකයක් පැවතියත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි.

Advertisement

එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙති.

Advertisement

සාලිය ගමසිංහආරච්චි – කෑගල්ල (අරුණ)

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *