Latest Articles
Search

ගුවන් සේවිකා හීනය අත්හැර දමා අවුරුදු කුමාරි තරගෙට ආව අවිශ්කා

299

දවසින් දවස ටෙලි තිරයට අලුත් මුහුණු එකතු වෙනව’ මෑතකදී එලෙස එකතු වුණ මුහුණු අතරින් අවිශ්කාට විසල් අවධානයක් හිමිවෙලා තියෙනව’ රසිකයන් ඇයව අවිශ්කා උමයංගි කළුබෝවිල කියන ඇගේ සැබෑ නමට වඩා ඇයව හඳුන්වන්නෙ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදිහටයි. මේ දවස්වල හැමදෙනාගෙම අලුත්ම ආදරය වන මල්කඩේ මිස් ගේ තොරතුරු ටිකක් විමසන්න අපටත් හිතුනා.

Advertisement

අවිශ්කා ටෙලි නිළියක් වුණේ අහම්බයකින්ද?

Advertisement

2018 දී මම දෙරණ අවුරුදු කුමරිය බවට පත් වෙනව. ඊට පස්සෙ මට දෙරණ නාළිකාවේ විකාශය වුණ පොහොය චිත්‍රපට හතරක රඟපාන්න ලැබුණා. පස්සෙ තමයි මට දෙරණේ ලක්සිරි සර් සංගීතේ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනව කරන්න කැමතිද කියලා ඇහැව්වෙ. ඉතින් මම ඒකට කැමැත්ත පළ කළා. ඒ විදිහට තමයි මම සංගීතේ හි රන්දිමා ගේ චරිතයට එන්නෙ.

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

කලා ක්ෂේත්‍රයට එක්වෙන්න හීනයක් තිබුණෙ නැතිද?

Advertisement

රඟපාන්න කැමැත්තක් හෝ ඒ ගැන විශේෂ හැඟීමක් තිබුණෙ නහැ. ඒ දවස්වල දෙවෙනි ඉනිමෙ ටෙලි නාට්‍ය අතරතුර අවුරුදු කුමරි තරගට අයදුම් පත් දාන්න කියල දැන්වීම් ප්‍රචාරය වෙත්දි මම අපේ අම්මගෙන් ඇහුවා මමත් අයදුම් පතක් දාන්නද කියලා. පස්සෙ අම්මම තමයි අයදුම් පතක් යොමු කළේ මටත් වඩා ඒ ගැන අම්මගෙ කැමැත්තක් තිබුණා. අවුරුදු කුමරි තරගයෙන් දිනුවට පස්සෙ ලැබුණ තෑග්ගක් තමයි දෙරණෙ විකාශය වන ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න අවස්ථාව හිමිවීමත්

Advertisement

හිටිඅඩියෙ රඟපාන්න ලැබුණම රඟපාන එක අයිශ්කාට අපහසු දෙයක් වුණාද?

Advertisement

සංගීතේ ටෙලි නාට්‍යයට එන්න කලින් මම පොහොය ටෙලි නාට්‍යවල රඟපාල තිබුණ නිසා ලොකු අපහසුවක් වුණේ නැහැ. මුලදි කැමරාවට මුහුණ දෙත්දි තැතිගැන්මක් තිබුණා. මමත් හරියට මේ චරිතයේ ඉන්නව වගේමයි. හරියට මට ගැළපෙන චරිතය ලැබිලා තියෙනව. ඒ නිසා චරිතය කරගෙන යන්න මට ලොකු ආයාසයක් දරන්න ඕන වුණේ නැහැ.

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

අවිශ්කාගෙ පුද්ගලික තොරතුරු මොනවද?

Advertisement

මගේ වයස අවුරුදු 21 යි. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි මම පවුලේ එකම දරුවා. අපි පදිංචි වෙලා ඉන්නෙ ගම්පහ විජය පාරේ. මම අධ්‍යාපනය ලැබුවෙ ගම්පහ යශෝධරාදේවි බාලිකා විද්‍යලයේ කලා විෂයන්ගෙන්. 2016 අවුරුද්දෙ මම උසස් පෙළ විභාගයට පෙනී හිටියා.

Advertisement

මේ වෙත්දි අවිශ්කාගේ වෘත්තිය රංගනයද?

Advertisement

රැකියාවක් විදිහටම මම රංගනය කරන්නෙ නැහැ. ලැබෙන වැඩ අනුව ක්ෂේත්‍රයේ රැඳී ඉන්න හිතාගෙන ඉන්නව. පාසල් කාලෙ නම් මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි.

Advertisement

දැන් ඒ සිහිනය ඈතකට ගිහින්ද?

Advertisement

උසස් පෙළට මම භාෂාවන් හැදැරුවෙත් ගුවන් සේවිකාවක් වෙන්න සුදුසුකම් සපුරාගන්න හිතාගෙන තමයි. ඊට පස්සෙ මම ගුවන් සේවිකාවක් වෙන්න අයදුම් පත් දාලා සම්මුඛ පරීක්ෂණවලටත් ගිහින් හිටියෙ දෙවෙනි සම්මුඛ පරික්ෂණයට යන්න තිබුනෙ දෙරන අවුරුදු කුමරිය අවසාන තරගය තිබුණ දවසෙයි. මම සම්මුඛ පරික්ෂණයට නොයා අවුරුදු කුමරි තරගයට ආවා.

Advertisement

රසික ප්‍රතිචාරය ඉහළයිද?

Advertisement

ප්‍රතිචාර ගොඩක් හොඳයි. තවම මම නාට්‍යයට සම්බන්ධ වෙලා මාස එකහමාරක් වගේයි මේ මාස එකහමාරකට සෑහෙන ප්‍රතිචාර ලැබෙනව. පාරෙ යත්දි ගොඩක් දෙනා මල් මිස් කියල තමයි කතා කරන්නෙ.

Advertisement

07.

Advertisement

Advertisement

08.

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

රවිෂ්කා රූගත කිරීම්වලට අම්ම එක්ක එන්නෙ කටකතා හැදෙන නිසාද?

Advertisement

මගේ අම්මා හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නව. ඒක මට පහසුවක් සංගීතේ වැඩ වලට තනියම ගිහින් වැඩ කරල එනන් පුළුවන් ඉතා හොඳ කණ්ඩායමක් එතන ඉන්නෙ. ආරක්ෂාව ගැන එතන මට ප්‍රශ්නයක් නැහැ. අනික මම කටකතා හැදෙන විදිහෙ වැඩ කරන්නෙ නැහැ. මම ගාණට මගේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මට කටකතානම් හැදෙන එක්ක නැහැ කියල හිතනව.

Advertisement

අවිශ්කා දැනටමත් පෙම්වතියක්ද?

Advertisement

මට පෙම්වතෙක් ඉන්න ව එයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්

Advertisement

ඔහුව හමුවෙන්නෙත් කලාවට ආවට පසුවද?

Advertisement

එයාව මට හමුවෙන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින්. මම අවුරුදු කුමාරි වෙන්නත් ඉස්සර.

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

සුරංජි පතිරණ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *