Latest Articles
Search

ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ශෙයාර් කරන්න කලින් මේ ගැන හිතන්න

772

ඉස්සර වගේ නෙවෙයි දැන් හැමෝම Facebook, Twitter, WhatsApp, YouTube ඔය එකී මෙකී නොකී හැම සමාජ මාධ්‍යකම ඉන්නවා.. ඇත්තටම බලනකොට අපේ දවසේ වේලාවෙන් නිදාගන්න වෙලාව හැර වැඩි වෙලාවක් ගතකරල තියෙන්නෙ සමාජ මාධ්‍ය එක්ක කිව්වොත් නිවරදියි.. අපි අද ෆේස්බුක් ගැන කතා කරමු.. අපි අද කතා කරන්නෙ ෆේස්බුක් එකේ අපි ශෙයාර් කරන දේවල් ගැන..

Advertisement

Advertisement

1) සමහරු ඉන්නවා එයාලා ෆේස්බුක් ඇවිත් පිස්සො වගේ පෝස්ට් ශෙයාර් කරන් යනවා එක දිගට.. සමහර විට එයාලා දවසට පෝස්ට් සීයක් විතර ශෙයාර් කරලා.. එහෙමත් එපා.. ඒකෙන් සමහරවිට ඔබේ රීච් එක අඩු වෙන්න පුළුවන්.. ඒ වගේම තමයි වැදගත් දෙයක් මිස් වෙන්න පුළුවන්.. විශේෂම දේ තමයි යාළුවෝ ඔයාව කරදරයක් කියල හිතලා මූණට අන්ෆ්‍රෙන්ඩ් කරන්න බැරි නිසා අන්ෆලෝ කරල දාන්න පුළුවන්.. ඒ නිසා ඔයාව යාළුවන්ගෙන් මගහැරෙන්න පුළුවන්..

Advertisement

Advertisement

2) තව පිරිසක් ඉන්නවා එයාලා ෆේස්බුක් ශෙයාර් කරන දේවල් ගැන සැලකිලිමත් නෑ.. එයාලා දැක්ක පමනින් ශෙයාර් කරනවා.. එහෙම කරන්නත් එපා.. අඩුම ඒ පොස්ට් එක කවුද දාලා තියෙන්නෙ කවුද?කවදද දාලා තියෙන්නෙ කියල බලන්න.. සමහරු 2018 වසරේ ඔපරේෂන් එක්කට සල්ලි එකතු කරපු පෝස්ට් දැන් ශෙයාර් කරනවා.. එයාලා දිනේ බලන්නෙ නෑ.. නැත්තන් පරණ ප්‍රෝග්‍රෑම එකක් ගැන.. සමහරවිට දැන් ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවරත් වෙලා තියෙන්න පුළුවන්..

Advertisement

Advertisement

3) ඊලඟට බලන්න මේ පෝස්ට් එක දාලා තියෙන්නෙ කවුද කියලා.. පිලිගත හැකි කෙනෙක්ද පෝස්ට් එක අප්ලෝඩ් කරල තියෙන්නෙ කියලා බලන්නම වෙනවා.. සමහර නිවුස් ෆේස්බුක් එකේ ශෙයාර් වෙනව ගොඩක්.. හැබැයි ඒ ඇත්ත ඒවා නෙවෙයි.. අපිත් සමහරවිට ඔහේ ශෙයාර් කරනව හොයල බලන්නෙ නැතුව.. අවසානයේ බොරු දෙයක් ප්‍රචාරය කරන්න අපිත් නොදැනුවත්වම දායක වෙලා..

Advertisement

Advertisement

4) අනිත් දේ තමයි අපහාසාත්මක පෝස්ට් ශෙයාර් කරන්න එපා.. ඒ පෝස්ට් එක නිසා කාට හරි අපහාසයක් වෙනව නම් උපහාසයක් වෙනව නම් ඒවගේ දේවල් ශෙයාර් කරද්දි දෙපාරක් හිතන්න.. අවසානයේදී ඔහුට දරාගැනීමට නොහැකිව ජීවිතයෙන් වුවත් සමුගන්න පුළුවන්.. එහෙම අවස්ථා ගොඩක් තිබුනා මෑත කාලයේ..

Advertisement

Advertisement

5) තවත් වැදගත් දෙයක් තමයි ඔබේ පෞද්ගලිකත්වයට හානි වන කිසිම දෙයක් ෆේස්බුක් දාන්න එපා.. උදාහරණයක් විදිහට ඔබට පෙම්වතියක් සිටිනවා නම් තවම විවාහය ස්ථිර වී නොමැති නම් ඇය ගැන සමාජ ජාලා වල පළ කිරීමට ඉක්මන් වෙන්න එපා.. කවද හරි දවසක ඔයාල දෙන්නට වෙන් වෙන්න උනොත් එදාට ඒ පෝස්ට් ඔයාට වදයක් වෙයි..

Advertisement

Advertisement

6) පෝස්ට් එකක් ශෙයාර් කරන්න කලින් එහි අකුරු, අක්ෂර වින්‍යාසය සහ අකුරු ගැන සැලකිලිමත් වෙන්න.. නැති නම් වෙනත් තේරුමක් අදහසක් එයින් මතු වෙන්න පුළුවන්..

Advertisement

Advertisement

7) සමහරු ෆේස්බුක් එන්නෙ දේශපාලනය කතා කරන්නමයි.. තමන්ගෙ නායකයා හොඳයි විරුද්ධ පැත්තෙ ඉන්න කෙනා හැම වෙලේම වැරදියි.. ඒක තමයි එයාලගෙ මතය.. තමන් ශෙයාර් කරන සෑම පෝස්ට් එකක්ම දේශපාලනික නම් ඔහුගේ හෝ ඇයගේ ගිණුමේ ආයුෂ කෙටි වෙන්න පුළුවන්.. හේතුව බොහෝ අය අන්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්.. බ්ලොක් කරන්න පුළුවන්.. නැත්නම් සමහරෙක් රිපෝර්ට් කරන්න පුළුවන්.. මේ සෑම ක්‍රියාවකම අවසානය ඔබේ ගිණුම සමාජ ජාලා වලින් වාරණය වී යාමයි..

Advertisement

Advertisement

8) සමාජ ජාල වල දරුවන් සම්බන්ධ පොස්ට් ශෙයාර් කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි.. ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ ජාලාවල දරුවන් සම්බන්ධව දැඩි නීති ක්‍රියාත්මක වෙනවා.. ඒ නිසා එවන් පෝස්ට් ශෙයාර් කරද්දි හොඳින් සිතා බලන්න..

Advertisement

Advertisement

9) ෆේස්බුක් කියන්නෙ සමාජජාලවක් මිස යුධපිටියක් හෝ වාදපිටියක් නෙවෙයි.. ඒ නිසා එවන් මත ගැටුම් සහ සිත්‍ රිදීම්, තව කෙනෙක්ට පහර ගසන්න ඔබ පෝස්ට් ශෙයාර් කරන්න එපා.. ඒක ඔබේ පුද්ගලික ප්‍රතිරූපයටත් සුදුසු නෑ.. මෙයින් සිදුවන්නේ ඔබේ ළඟම යහළුවන් ඔබෙන් ඉවත්ව යාමයි.. ඒ නිසා හොඳින් ඒ ගැන සිතා බලන්න..

Advertisement

 

Advertisement

 

Advertisement

Source:everceylon

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *