ගෙදර දොරේ හැදෙන ගහකොළ ගැන මීට වඩා හිතන්න කාලය හරි නේද?
තමන්ගේ පුංචි පුතාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත අත්දැකීමක් ගැන “අජන්තා නිස්සංකා” නම් මවක් තැබූ මුහුණුපොතේ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
ඇය පවසන අන්දමට, ඇගේ පුතා පෙරේදා උදෑසන කතුරක් ගෙන නිවසේ තිබූ විසිතුරු පත්‍රයක් සහිත ගසක කොළ කපමින් සෙල්ලම් කර තිබෙනවා. පසුව ඔහු එම පත්‍රයේ නැට්ට කටේ තබාගෙන ඇති අතර, විනාඩි දහයක් ගත වීමටත් මත්තෙන් පුතාගේ මුළු මුහුණම ඉදිමෙන්නට පටන් ගෙන තිබෙනවා.
එම මව පවසන්නේ දරුවා ඉතා ඉක්මනින් රෝහල් ගත කළ නිසා දැන් ඔහු සුවය ලබා ඇති බවයි. නමුත් නිවස අවට ඇති මෙවැනි විසිතුරු පැළෑටි කොයි තරම් විෂ සහිත විය හැකිද යන්න පිළිබඳව සියලුම මව්පියන් අවධානයෙන් සිටිය යුතු බව ඇය අවධාරණය කරනවා.
විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින නිවෙස්වල මෙවැනි විෂ සහිත විය හැකි ගහකොළ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ. තමන් විඳි ඒ බිය සහ දුක වෙනත් කිසිම මවකට දැනෙන්නට හොඳ නැති නිසා ඇය මෙම ඡායාරූප සහිතව කරුණු හෙළිදරව් කර තිබෙනවා.
අන්තර්ජාලයෙන්

















