Latest Articles
Search

රැජිනගේ නික්ම යාමෙන් පසුව, ඇගේ සුරතලුන්ට වෙන දේ

271
දෙවන එලිසබෙත් රැජින සුනඛයන්ට ආදරය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ චරිතයකි. පසුගිය සතියේ ඇය මිය යන විට ඇයට සුරතල් සුනඛයින් හතර දෙනෙකු සිටි බව සදහන් වේ.

Advertisement

රැජිනගේ අභාවයත් සමඟ ඇගේ ආදරණීය සුරතල් සතුන්ගේ ඉරණම කුමක් වේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නැඟුනු කුතුහලයකි.

Advertisement
කෙසේ නමුත් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනට අයත්ව සිටි කෝගි වර්ගයේ සුරතල් සුනඛයින් හදාවඩා ගැනීමේ වගකීම ඇගේ පුත් ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ හිටපු බිරිඳ වන සාරා ආදිපාදවරිය භාරගෙන තිබේ.

Advertisement

ඒ අනුව රැජිනගේ මුයික් සහ සැන්ඩි නම් කෝගි සුනඛයින් භාරගැනීමට යුවළ තීරණය කර ඇත.

Advertisement

එම සුනඛයින් රැජින වෙත තෑගි කර තිබුණේ ද ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ දියණියන් දෙදෙනා විසිනි.

Advertisement

කොරෝනා වෛරස වසංගතයේ මුල් භාගයේ වින්ඩ්සර් මාලිගයේ හුදෙකලා වෙමින් සිටියදී ඇන්ඩෲ කුමරු විසින් මෙම සුරතලුන් රැජිනට තෑගි දී තිබුනි.

Advertisement

කෙසේ නමුත් රැජිනගේ අනෙක් සුනඛයන් දෙදෙනා වන ලිසී සහ කැන්ඩිට කුමක් සිදුවේද යන්න පැහැදිලි නැත.

Advertisement

රැජිනගේ ජීවිත කාලය පුරාවට කෝගිවර්ගයේ සුනඛයින් 30කට වඩා ඇයට සිට තිබේ. ඇය සතුන් වෙනුවෙන් කැප වූ අතර ඔවුන්ව රැකබලා ගත් බව පැවසේ. හැකි තරම් සති අන්තයේ, ඇගේ සුරතලුන් සමඟ ඇගේ පෞද්ගලික මහල් නිවාස වෙත ගමන් කරන අතර, ඉඩ ලැබෙන සෑම විටම ඇය ඔවුන්ව පෝෂණය කර ඔවුන් සමඟ ඇවිදින්නට යන බව ද සදහන් වේ.

Advertisement

දිනමිණ

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *