BREAKING NEWS
Search

මෙන්න අලුත් වාහනයක් ගන්න ඉන්න ඔයාට සුබම සුබ පණිවිඩයක්… අද සාකච්ඡාවේදී ගත් තීරණය

864
මේක ගොඩක් දෙනෙක්ගේ හීනයක්..

ලස්සන වාහනයක් සුවපහසු වාහන‍යක් කියන්නේ අද කාලේ හැටියට නම් හීනයක් කියලා ගොඩක් දෙනෙක් කිව්වාට මෙන්න දැන් ඒ හීනය සැබෑ වෙන්නයි යන්නේ..

වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබාදීමට අපේක්ෂිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා…

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද පැවැත්වුණා…

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි…

සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ එය සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි වාහන ආනයනකරුවන් එහිදී පෙන්වා දී ඇත්තේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *