ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම (ඔත්තේ/ඉරට්ටේ) සලකා බැලීම සහ වාහන වර්ගය මත පදනම්ව සීමා පැනවීම හේතුවෙන් දෛනිකව දීර්ඝ ගමන්වල යෙදෙන ජනතාව මෙන්ම Uber සහ PickMe වැනි සේවා සපයන්නන් ද දැඩි අසීරුතාවට පත්ව ඇති බව එහි පෙන්වා දී ඇත.
මීට අමතරව, මෝටර් වාහන නොවන එහෙත් ඉන්ධන මගින් ක්‍රියාත්මක වන උපකරණ (විදුලි ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර ආදිය) භාවිතා කරන ජනතාවට ඉන්ධන ලබාගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම හරහා ඔවුන්ගේ ජීවනෝපාය අයිතියට ද බාධා එල්ල වී ඇති බව පැමිණිලිකරු පවසයි.
මෙම අනීතික ක්‍රියා පටිපාටිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන ආකාරය පැහැදිලි කරමින් පැමිණිලිකරු පෙන්වා දෙන්නේ, තණකොළ කපන යන්ත්‍රයක් සඳහා පෙට්‍රල් ලීටර් 4ක් ළඟ තබා ගත් පුද්ගලයෙකුට දින 21ක සිර දඬුවමක් නියම වූ පුවත් වාර්තා වී ඇති බවයි. මෙය රජය විසින් ජනතාව නොදැනුවත්වම මූලික අයිතිවාසිකම් සංහාරයක් වෙත තල්ලු කිරීමක් බව ඔහු චෝදනා කරයි.
මෙම පැමිණිල්ල මගින් මෙම ඉන්ධන කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ නිකුත් කිරීම, අදාළ ක්‍රියාවලිය නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම, මූලික අයිතිවාසිකම් කඩ කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීම් සිදු කර ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ICTA සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.


















