BREAKING NEWS
Search

එක මලකට පෙම් කල පාසැල් සිසු දෙදෙනාගේ ආරවුලෙන් සිසුවෙක් රෝහලේ

159

වේයන්ගොඩ ප්‍රදේශයේ  මහා විද්‍යාලයක  දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබූ නව වැනි  සිසුසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්   කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය  කියයි.

සිසුන් දෙදනාම එකම සිසුවිය සමඟ ඇතිකරගෙන  තිබු ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් ඇති වු ආරවුලකදී මෙම පිහි ඇනුම සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සිසුවියගේ අනෙක් පෙම් සබඳතාව පිළිබදව දැනගත් දහවැනි ශ්‍රේණියේ  සිසුවා පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී ද නවය ශ්‍රේණියේ සිසුවාට  පහර දී  ඇති බවත්  විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි .

පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදුවූ  සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට  ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *