දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

639

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවය.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රෝහල්ගතකර සිටින පුද්ගලයින් 21 දෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *