BREAKING NEWS
Search

ඔයා දන්නවා මං ඔයා එනකල් බලන් ඉන්නේ කියලා – අකාලයේ මිලින වූ ඉශාන් නිමන්ත නිසා මුහුණුපොත සංවේදී වෙයි

1021

ඉශාන් නිමන්ත රිය අනතුරකින් ජීවිතය හැර ගිය ඔහු කවුරු අතරත් ජනප්‍රිය, තරුණ සංගීත ශිල්පියෙක්.

වාර්තා වුණු පරිදි තලාව ප්‍රදේශයේදී ඔහු අනතුරට ලක්ව තිබුණේ වැඩසටහනකට සහභාගීවීමෙන් පසුව සිය නිවස වෙත යමින් සිටියදී.

ඒ අනුව ඔහු ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඉශාන්ගේ ජීවිතය මහා දුරකට අරන් ගිහින් තිබුණා.

ඉශාන්ගේ මරණයෙන් සංවේදී වූවන් තබන ලද සටහන් මහ හුඟක් අතර, අපේ ඇස මදකට නතර කළ සටහනක් ලියවිලා තිබුණා.

”ඔයා දන්නවා මං ඔයා එනකල් බලන් ඉන්නේ කියලා…

මං තාමත් ඔයා එනකල් බලන් ඉන්නවා මගේ සුදු මහත්තයෝ…”

”අවුරුදු 9 ක් එකට හිටපු ඔයාගෙ ඒ ආදරවන්තිය අද තනිවෙලා මගෙ රත්තරං අයියේ,,,”

”ඇයි මගෙ රත්තරං මගෙ අක්කව දාලා යන්න ගියෙ ඔයා ,,

අවුරුදු 9 ක් අක්කා එක්ක එකට ඉදලා ඔයා අපිට නොකියම යන්න ගියා ,,

අවුරුද්දට අපි ලොකුවටම ලස්සන පාටියක් දාන්න හිටියේ මැනික ,,,

හිතාගන්න බෑ දෙයියනේ ,,

ඔයා නැති අඩුව දැනේවි සෑහෙන්න”

”අපි සේරටම ලොකු පාඩමක් දීලයි උඹ යන්න ගියෙ..

මේ ක්ෂේත්‍රයේ අපි හැමෝම මාසෙන් වැඩි දින ගානක් නිදිමරන අය..

අපි ගොඩක් පාන්දරට ගෙදර එන්න දගලන්නෙ නිදහසේ නිදියන්න හරි පහුවදාට තියන වැඩ කරගන්න බලාගෙන..

ඇස් පියවෙන්න යන්නෙ තප්පරයයි..

උඹට මොනව වෙලා මේක උනාද කියන එක අපි කවුරුත් හරියටම දන්නෙ නෑ..

ඒත් මේක අපි හැමෝටම හොද පාඩමක්…

ඉශාන් මල්ලි උඹ ආයේ එන්නෙ නෑ..

ඒ අඩුව හැමදාම තියෙයි… උඹට සුභ ගමන්…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *