BREAKING NEWS
Search

පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු

281

පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කාන්තා නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවසේ ඇති නාන කාමරයේ වහලයට සවිකර තිබූ තහඩුවක් ඉවත්කර නිලධාරිනියන් කිහිප දෙනකු නාන හැටි බැලද්දී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රභූ ආරක්ෂක අංශයක රාජකාරි කරන  පොලිස් සැරයන්වරයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථවේ ඔහු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම සැරයන්වරයා ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින අයකු යැයිද කොළඹ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කාන්තා භට නිවස සමීපයේ ඇති තාප්පයට ගොඩවී ඔහු නාන කාමරයේ වහලයට නැග ඇතැයි පොලිසිය කියයි.

සැකකරු දුටු පොලිස් නිලධාරිනියන් කිහිපදෙනකු මේ බව පොලිස් නිලධාරින්ට පැවැසීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින් ඔහු අල්ලා ගැනීමට යාමේ දී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් කණ්ඩායම ලුහුබැඳ ගොස් ටොරින්ටන් මාවතේ දී ඔහු අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී ඇත.

සැකකරු පොලිස් සැරයන්වරයකු බව හෙළිවී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *