BREAKING NEWS
Search

සෙල්ෆියෙන් අවසන් වූ 24 හැවිරිදි තරුණයාගේ ජීවිතය

514

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු නැති වී  තිබේ.

පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත.

එහිදී ඇල්ල අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා එක් තරුණයෙකු දිය ඇල්ලට ඇදවැටි ඇති බව පොලීසිය පවසයි.

හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එකතුව සිදුකළ සෝදිසි කිරීමේදී අනතුර සිදු වු ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහළින් වු දිය වළක තිබී තරුණයාගේ  සිරුර ඊයේ (03) සොයාගෙන ඇත.

මෙලෙසනැති වී  ඇත්තේ 24 හැවිරිදි වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හල්දුම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Source: Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *